දේශීය පුවත්

ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ඊයේ (9) උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි නව යුද්ධ හමුදා මූලස්ථානයේ සිය මංගල සංචාරයේ නිරතවූ අතර එහිදි එතුමන් ජාතික ආරක්‍ෂාව පිළිබඳ වගකීම භාරගෙන අපේ මුළු ජාතියටම ආරක්‍ෂාව සහතික කරන ලෙස සියලුම හමුදා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. යුද්ධ හමුදා වෘත්තිය ලෝකයේ වඩාත්ම උතුම් වෘත්තියක් වන බැවින් ඔවුන්ගේ ඉදිරියේ ඇති විශාල කාර්යභාර්ය පිළිබඳ කරුණු අවධාරණය කරන ලදී.

යුද්ධ හමුදා මූලස්ථානයට සපැමිණි විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වෙත භටපිරිස් වෙතින් පිරිනැමු හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු සම්මාන මුරය එතුමන් පසුකර ගියේය. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ කාර්යාල සංකීර්ණය ඉදිරියේදී වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමූහ. පසුව යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ගෞරවයෙන් පිළිගැනිනමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ‘කණ්ඩුල’ හස්ති රාජයා පෙරටු කරගනිමින් එතුමන් වෙත ගෞරව දැක්වූහ.

උණුසුම් පිළිගැනිමෙන් අනතුරුව, යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාපතිතුමන් හමුවීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇමතීම, සිහිවටන හුවමාරු කිරීම, සමූහ ඡායාරූප ගැනීම සහ සමරු පොතේ සමරු සටහන් තබමින් ලෝකයේ වඩාත්ම උතුම් වෘත්තිය වන යුද්ධ හමුදා සේවය සෑම විටම ආඩම්බරයෙන් හා ගෞරවයෙන් ආරක්‍ෂා කළ යුතු බවත්, එය අත් නොහැරිය යුතු බවත් ආරක්‍ෂක ලේකම් තුමන් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More