දේශීය පුවත්

පක්ෂ නායකත්වය හා එළැඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කමිටුවක් පත්කර ඇතැයි එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අද(10) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියේ, පාර්ලිමේන්තු මැතිවරණයට තව මාස කීපයක් ඇති බවයි.

පක්ෂයක් ලෙස සියලු දෙනා එකතු වී එක් හඬකින් පක්ෂය ඉදිරියට ගෙන ගියහොත් පාර්ලිමේන්තුව තුළ 113 සැදිය හැකි බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

2015 ජනවාරි 8 වන දා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළත්  2015 අගෝස්තු 17 තිබු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පක්ෂයට බහුතරයක් ජය ගත නොහැකි වු බවත් කියා සිටියේය.

ඒ නිසාවෙන් ඒ පාඩම වත්මන් ආණ්ඩුවටත් ඉගැන්වීමට අවශ්‍ය බව සඳහන් කර සිටි මන්ත්‍රීවරයා, එක්සත් ජාතික පක්ෂය යනු මහත්වරුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බවත් පැවසීය.

මේ පක්ෂය ඉදිරියට ගෙන යා යුතු බවත්, එයට හානි කිරීමට කිසිවෙකුට නොහැකි බවත් පැවසු මන්ත්‍රීවරයා ඒ නිසාවෙන් සියලු නායකයින් එකතු වී මෙම ගමන යා යුතු බවත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More