රෝයල් පාර්ක් ඝාතන නඩුවේ දොන් ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ යන අයට ජනාධිපති සමාව ප්‍රධානය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මැයි මස 29 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නොතීසි නිකුත් කළේය.
මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති සමාව හිමි වූ විත්තිකරුට රටින් පිටව යාම වළක්වාලන අතුරු තහනම් නියෝගය ජූනි මස 01 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට අද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
කෙසේවෙතත් ජනාධිපති සමාව ප්‍රධානය වීමෙන් පසු මෙම විත්තිකරු නොවැම්බර් මස 15 වැනිදා විදේශ ගමන් බලපත්‍රයක් සාදා ගෙන නොවැම්බර් මස 15 වැනිදා රටින් පිටව ඇති බවට නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා . ඔහු මේ වන විට සිංගප්පූරුවේ සිටින බවට තොරතුරු වාර්තා වන බවට පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන පවසා සිටියේය.
ඒ අනුව මෙම පෙත්සම මැයි මස 29 වැනිදා සලකා බැලීමට විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අද නියෝග කළහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...