දේශීය පුවත්

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 59ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු හේරත් මුදියන්සේලාගේ තුෂාර හෙවත් කළු තුෂාර නමැත්තාට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

2017 වසරේ මැයි මස 12 වනදා සිය සේදවත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියකින් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 59 ප්‍රවාහනය කරමින් සිටියදී සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කොට්ඨාශයේ නිළධාරීන් විසින් මෙම විත්තිකරු අත්අඩංගුව ගෙන තිබුණි.

ඉන්පසුව නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේය.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව තීන්දු කළේය.

ඒ අනුව එම චෝදනාවලට වෙන් වෙන් වශයෙන් මරණීය දණ්ඩනය නියම කරන බවද විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More