දේශීය පුවත්

ස්විස් තානාපති කාර්යාලය මගින් ගෙවී ගිය වසර දෙකක කාලය තුළදී දේශපාලන රැකවරණය යටතේ පුද්ගලයන් හයසිය හතළිස් දෙකකට වීසා ලබාදී තිබෙන බව ‘යුතුකම කේන්ද්‍රය’ සඳහන් කරයි.

මීට අමතරව තවත් දෙදහස් හාරසිය දහ අටක් ස්විට්සර්ලන්තයට යෑම සඳහාම අයදුම්පත්‍ර යොමුකර තිබෙන බවට වාර්තාවන බවත්, මේ කිසිදු තොරතුරක් ශ්‍රී ලංකා රජයට ලබාදී නොමැති බවත් එම සංවිධානයේ අනුශාසක පූජ්‍ය ජබුරවෙල චන්ද්‍රජෝති හිමියෝ අවධාරණය කළහ.

ඊයේ (09දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ, දේශපාලන රැකවරණය යටතේ ස්විට්සර්ලන්තයට ගොස් සිටින විශාල පිරිසක් උතුරු ප්‍ර‘දේශයේ ජීවත් වූ පුද්ගලයන් බවයි.

ස්විස් තානාපති කාර්යාලය විසින් ජිනීවා සමුළුවට අවශ්‍ය තොරතුරු එකතු කරමින් තිබෙන බවත්, නිශාන්තද සිල්වා  පොලිස් නිලධාරියා විදේශ ගතවීමෙන් පසු ස්විස් තානාපති කාර්යාලයට එරෙහිව සමාජ ප්‍රතිවිරෝධයක් ඇතිවීම වසා ගැනීමට කෘතිමව ප්‍රශ්නයක් නිර්මාණය කළ බවත් ජබුරවෙල චන්ද්‍රජෝති හිමියෝ පවසා සිටියහ.

උතුරේ පිරිස් දේශපාලන රැකවරණය මත විදේශ ගතවීමේදී උතුරේ ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂයක මන්ත්‍රීවරයෙකුගේ අත්සන සහිත ලිපියක් හා උතුරු පළාත තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක නිර්දේශයක් අවශ්‍ය වන බවද උන්වහන්සේ අවධාරණය කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More