පුරවැසි කොලම

සුසන්ත චමින්ද රත්නායක, 2013 මාර්තු මාසයේදී ලංකා දුම්කොළ සමාගමේ සභාපතිවරයා ලෙස පත්වීම් ලද අයෙකි . ඔහු “විවිධ කර්මාන්ත 13 ක් හරහා විවිධ සංවිධාන 9 ක සාමාජිකයින් 46 දෙනෙකුට සම්බන්ධව කටයුතු කරන අතර දිරච්ච වියත්මග ඉනිමගේද ප්‍රභලයෙකි .
1978 දී ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය සමඟ එක්වූ ඔහු 2006 දී එහි සභාපතිවරයා බවට පත් විය. ලංකා දුම්කොළ සමාගම (CTC) සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම යන සමාගම් දෙකෙහිම පූරෝගාමියා වූ කන්දයියා බාලේන්ද්‍රගේ ව්‍යවසායක උපක්‍රම මොහු විසින් අනුගමනය කළ බව ව්‍යාපාරික ලෝකයේ කා අතරත් ප්‍රසිද්ධය.ඔහු වර්ෂ 2006 ඔක්තෝබර් මාසයේ සිට ලංකා දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළේය.

පසුගිය කාලය පුරා ඔහු සම්බන්දයෙන් චෝදනා ගණනාවක් එල්ල වූ අතර මේ චෝදනා කොතෙක් දුරට සාධාරණ සැකයෙන් ඔප්පු කල හැකි දැයි දන්නේ අධිකරණය හා විමර්ශන නිලධාරින්ය. වියත්මගට පැමිණ එල්ලවූ චෝදනාවන්ගෙන් ගැලවීමට ඔහුට කිසිවිටකත් නොහැකි වනු ඇතැයි නීතියේ ආධිපත්‍ය විශ්වාස කරන සංවිධානයක් ලෙස අප ප්‍රකාශ කරන්නෙමු .

1) 2015 වසරේ දී කැසිනෝ බලපත්‍රයක් සඳහා වූ ආන්දෝලනාත්මක ගනුදෙනුවට ඔහුගේ මැදිහත්වීම පිළිබඳව මාධ්‍ය මගින් චෝදනා එල්ල කරන ලදී. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ සජින් වාස් ගුණවර්ධන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කළ ප්‍රකාශ මත පදනම් ව මෙම චෝදනාව එල්ල විය.

2) 2013 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත් වූ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ (CHOGM) උපදේශකයින් 12 දෙනා අතර රත්නායකගේ දියණිය වන ඇනීට්‍රා විය. විනිවිදභාවයකින් තොර බඳවා ගැනීමේ නිර්නායක යටතේ සජින් වාස් ගුණවර්ධන අමාත්‍යවරයා විසින් එම උපදේශකයින් බඳවා ගෙන ඇති බව වාර්තා වේ.

3) 2002 වසරේ දී මතභේදයට තුඩු දුන් ශ්‍රී ලංකා සමුද්‍රීය සේවා පෞද්ගලීකරණය සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා වල ඔහුගේ නම සඳහන් විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන වාසුදේව නානායක්කාර විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද අභියාචනයක් මත පදනම් ව චෝදනා එල්ල විය.

2017 වසර වන විට, ඔහුගේ හෝ සිය පවුලේ සාමාජිකයින්ගේ නම යටතේ සමාගමේ කොටස් හිමිකාරීත්වය දරන ලංකා දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ එකම සාමාජිකයා ඔහු විය. මෙය කෙතරම්දුරට නිත්යානුකුලද හරියටම දන්නේ ලංකා දුම්කොළ සමාගමේ නීති අංශය භාර නිලධාරී මහතුන්ය .මෙවැනි බරපතල ගනයේ චෝදනා කිහිපයකට උරුම කරුමකම් කියන පුද්ගලයකූ නව රජයේ රාජ්‍ය ආයතනවල තනතුරු පත්කිරීමේ කමිටුවක පුටුවක් වෙන්කරදීම ළදරු අවදියේ පසුවන ආණ්ඩුවක සුවතාවයට කිසිසේත් ගැලපෙන්නේ නැත . කෙසේ වෙතත් ඔහු ලංකා සේව්‍ය සංගමය – සභාපති , ලංකා වාණිජ මණ්ඩලය – සභාපති , ශ්‍රී ලංකන් ගුවන් සේවා කේටරින් සමාගම – අධ්‍යක්ෂක , නේෂන්ස් ට්‍රුස්ට් බැංකුව – අධ්‍යක්ෂක , යුනියන් ඇෂුවරන්ස් සමාගම – අධ්‍යක්ෂක ලෙසද සේවය කල අයෙකි. ඔහු රාජ්‍ය ආයතන සදහා නිලධාරින් පත්කිරීමේදී තමන් සේවය කරන ලද පුද්ගලික සමාගම්වල මනදොල පිනවීමට එම ආයතන වලට ලබදීයාවක් දක්වන පිරිස් වෙත වැඩි අවධානයක් යොමු නොකර සිටිනු ඇතැයි සිතිය නොහැකිද ? එවැනි දුෂිත මානසික තත්වයක් තුල ජනදිපතිවරයාගේ සිහිනය සිහිනයක්ම වනු ඇත.

රට ගොඩ නැගීමට වියතුන් බුද්ධිමතුන් හා ක්‍රියාකාරීන් යෙදවීමට ජනාදිපතිවරයාට දැඩි අවශ්‍යතාවයක් ඇති බව අප දන්නා නමුත් , මේ වනවිටත් ලග සිටිනා උපදේශකයින් කිහිප දෙනා එතුමාව වට කරගෙන ඇත . හොදම උදාහරණය වන්නේ ජනපති ආගමික උපදේශක ධූරයෙන් පිදුම් ලැබූ. එක්සත් ජාතික පක්ෂ හිටපු පා.මේ මන්ත්‍රි R.A.D sirisena මහතාගේ පත්වීමයි. මෙම පත්වීමද සුසන්ත රත්නායක මහතාගේ පත්වීම ආකාරයේම වියත්මගෙන් දුන් තවත් දිරච්ච ලනුවකි . එබැවින් පත්වීම් පිලිබදව වියත්මගේ සිටිනා උගතුන් විසින් ලබාදෙන දිරච්ච ලනු ගිලින්නේ නැතුව ස්වාධීනව කල්පනා කර තීරණයකට එලබිය යුතු කාලය හොරා ගණනකින් මේ වන විටත් ජනාදිපතිවරයා පසුකර ඇති බව සංවේගයෙන් දැනුම් දෙමු .

සිංහලේ ජාතික පෙරමුණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More