නිසි ලෙස සංවිධානය වී කටයුතු කළහොත් මීළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ආසන 113 ක් හෝ ඊට වැඩියෙන් දිනාගත හැකි බව එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ එම පක්‍ෂයේ යොවුන් පෙරමුණ සමග ඊයේ (09 දා) පෙරවරුවේ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී පැවති විශේෂ සාකච්ඡාවකදීය.
ජනාධිපතිවරණයේදී පසුබැස්ස ද ඉන් පක්‍ෂයක් ලෙස අඩපණ විය යුතු නැති බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන සියලූ පාර්ශ්ව එක්කර ගනිමින් මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් සමගිව කටයුතු කළ යුතු බව ද රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.
දැනට තිබෙන ඡන්ද ප‍්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්‍ෂයට ආසන 105 ක් හෝ 106 ක් ලබාගත හැකි බවත් නියම ලෙසම කැපවී කටයුතු කළහොත් මන්තී‍්‍ර ආසන 113 ක් හෝ ඊට වැඩියෙන් දිනාගත හැකි බවත් හෙතෙම කීය.
එබැවින් මෙතැන් සිට බිම් මට්ටමේ සිට පක්‍ෂ යාන්ත‍්‍රණය නැවත ශක්තිමත් කරමින් පක්‍ෂය දිනවන වැඩපිළිවෙළ නැවත ආරම්භ කළ යුතු යැයි ද රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...