දේශීය පුවත්

පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (08 වැනිදා) කළ ප්‍රශ්න කිරීම්වලදී තමන් නාඳුනන කණ්ඩායමක බලපෑමට ලක්වූයේ බම්බලපිටියේ වූ ගුරුවරියගේ නිවසට ගිය මොහොතේදී බව හෙළිකර අැතැයි රහස් පොලිස් ආරංචි මාර්ග කියයි.

මෙම කාන්තාව පැහැර ගැනීමට ලක්වූ බව කියූ මුල්ම පැමිණිල්ල ඉදිරිපත් කළ ස්විස් තානාපති කාර්යාලය සඳහන් කළේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ තම දරු තිදෙනාගේ දෙමාපිය රැස්වීමක් සඳහා ගිය මොහොතේ පාසල අසලදී පස්දෙනකු විසින් ඇයව පැහැරගෙන ගොස් ලිංගික අතවර කර ප්‍රශ්න කර මුදාහැර ඇති බවය.

මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයේදී තහවුරු වූයේ ගානියා බැරිස්ටර් රතු පැහැති මෝටර් රථයකින් බම්බලපිටියේ ගුරුවරියගේ නිවසට පමණක් ගොස් පැය ගණනක් රැඳී සිට මාලිගාකන්ද නිවසට ගොස් ඇති බවය. එම නිවැසියන්ගෙන් හා ඌබර් කාර් රථ රියැදුරුගෙන්ද රහස් පොලිසිය මීට පෙර ප්‍රකාශ ලබාගැනීමත් සමග ස්විස් තානාපති කාර්යාලයේ පැමිණිල්ල පරස්පර බවට මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක්ද නිකුත් කළේය.

පැහැර ගැනීම සුදු වාහනයකින් සිදුවූ බවට හඟවා තිබුණද එවැන්නක් සිදු නොවූ බවත්, මැය ගමන් ගත් රතු පැහැති වාහනයේම නිරුපද්‍රිතව නිවසට ගිය බවත් හෙළි වෙමින් ඇතැයි රහස් පොලිස් ආරංචිමාර්ග කියයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More