කථානායක කරු ජයසුරිය මහතා 21 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූවිට සිදුකිරීමට යන ප්‍රකාශයක් ගැන බොහෝ දෙනෙකුගේ අවධානය මේ වන විට ලක්ව තිබේ. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ජාතික ආණ්ඩු ගිවිසුම කල් ඉකුත්වි ඇති නිසා ඇමති මණ්ඩලය අහෝසිවී ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
එම ගිවිසුම අලුත්කර පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙනවාද කියා ඔවුන් විමසා සිටි අතර කථානායක කරු ජයසුරිය මහතා ප්‍රකාශ කළේ එවැනි දෙයක් ලැබී නොමැති බවයි. මේ ගැන සොයා බලා 21 වනදා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන බවද කථානායක කරු ජයසුරිය මහතා සඳහන් කළේය.
මේ අතර සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා අප වෙත මීට ස්වල්ප වේලාවකට පෙර ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස්පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කළ අතර එය ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දුන් බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...