Uncategorized

එළඹෙන මාර්තු මස ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හා ගෝලීය සංසදය විධායක සභාවේ නියෝජිතයි සහ ජාතික සංවිධාන සම්මේලනයේ නියෝජිකයින් අතර සාකච්ඡාවක් අද(09) පැවැත්වීය. ඒ සදහා ගෝලීය සංසදය විධායක සභාවේ විධායක සභාව නියෝජනය කරමින් ආචාර්ය ජගත් චන්ද්‍රවංශ (රුසියානු නියෝජිත) (එක්සත් අරාබි එමිර් රාජ්‍යය) ප්‍රීමාල් ප්‍රනාන්දු ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත නීතිඥ නුවන් බැල්ලන්තුඩාව සහ ජාතික සංවිධාන සම්මේලනය නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර, නීතිඥ දර්ශන් වීරසේකර සහභාගි විය.

පැවති රජය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ කොමසාරිස්වරයාගේ වාර්තාව ( OISL වාර්ථාව) පිළිගැනීම වරදක් බවත් ඒ මත පදනම්ව රණවිරැවන්ට චෝදනා ගෙන එමින්  30‍/1 යෝජනාවට පාර්ලිමේන්තුවේත්, ජනාධිපතිවරයාගේත්, කැබිනට්ටුවේ, අනුමැතියක් නොමැතිව සම අනුග්‍රාහකත්වය දැක්වීම බරපතළ වරදක් බවත් 2020 මාර්තු ජිනීවා සැසියේ දී නව ජනවරමකින් පත්වූ ජනාධිපතිවරයාගේ රජය යටතේ බහුතර ජනතාවගේ අපේක්ෂාව වන රණවිරුවන් මෙම අභූත චෝදනාවලින් නිදහස් කිරීම් සඳහා ජනතාවාදී විදේශ ප්‍රතිපත්තියක් මත පිහිටා මෙම OISL වාර්තාවේ චෝදනාවන්ට පිළිතුරු දීම සඳහා විත්තියේ – යුක්තියේ සාධාරණත්වය වෙනුවෙන් අවස්ථාවක් ලබා ගැනීම ගත යුතු පියවර බව සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා විසින් පිළිගන්නා ලදී.

ඉතා කෙටි කාලයක් තුළ දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයාත්, අගමැතිවරයාත්, ජනාධිපතිවරයාත් මේ පිළිබඳව දැනුවත් කොට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ජාතික සංවිධාන නියෝජිතයින්ට දැනුම් දෙන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More