හිටපු මුදල් ඇමතිවරයා මෙන්ම එක්සත් ජාතික පෙරමුණු මාතර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ඉතා ළඟදීම දේශපාලනයෙන් විශ්‍රාම ගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානම තනතුරක් සඳහා යෑමට අවශ්‍ය කටයුතු මේ දිනවල සූදානම් කරමින් සිටින බව ට මාධ්‍යවාර්තා පළවේ.
මංගල සමරවීර මහතාට ලැබීමට නියමිත මෙම තනතුර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන ධූර වලට ලැබෙන බලතල හා සමාන එකක් බව වාර්තා වේ.
එම පත්වීම සම්බන්ධයෙන් වූ ලිපිය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලැබෙන තුරු බලා සිටින මංගල සමරවීර මහතා එය ලැබුණු විගසම දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
පසුගිය ජනාධිපතිවරණයේදී හා ඉන්පසුවත් සමරවීර මහතා බෞද්ධ භික්ෂුව දැඩි ලෙස විවේචනයට ලක් කිරීම මත එක්සත් ජාතික පක්ෂයද බරපතල අර්බුධයකට මුහුණ දී සිටියි.
මේ නිසා ඔහුට ඊළඟ මහ මැතිවරණයේදී නාම යෝජනා ලබා නොදිය යුතු බවටද එජාපයේ ජේෂ්ඨයන් ප්‍රසිද්ධියේම ප්‍රකාශ නිකුත් කරමින් සිටියි.
am.lk
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...