දේශීය පුවත්

මෙම මස 11 වනදා යෙදෙන උඳුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වන 2019 – 2020 සම්බුද්ධ සිරිපා වන්දනා සමය වෙනුවෙන් සධාතුක කරඬුව හා සුමන සමන් දේව ප්‍රතිමාව වැඩම කරවීම මෙම මස 10 වනදා යෙදෙන සුභ මොහොතින් පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රාජමහා විහාරස්ථානයෙන් ගමන් ආරම්භ වේ.

සධාතුක කරඬුව හා සමන්දේව ප්‍රතිමාව වැඩමවීම මෙවරත් මාර්ග තුනක් ඔස්සේ සිදු කෙරේ. ඒ අනුව පැල්මඩුල්ල, රත්නපුර, පලාබද්දල හරහා පෙරහරක්ද, අවිස්සාවේල්ල, කිතුල්ගල, හැටන් මාර්ගයෙන් තවත් පෙරහරක් හා පැල්මඩුල්ල , බලන්ගොඩ, පින්නවල, බගවන්තලාව යන මාර්ගයෙන් පස්වන වරටත් ගමන් ගන්නා පෙරහර වශයෙන් පෙරහර තුන ගමන් කිරිම සිදුවේ.

ඒ අනුව උඳුවප් පුන් පොහෝදිනයෙන් සිරිපා වන්දනා සමය ආරම්භ වීම සිදුවේ. මෙම වන්දනා සමයේදී ප්ලාස්ටික්, පොලීතින් ආදී නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙසත්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලකී මෙම උතුම් සම්බුද්ධ සිරිපා වන්දනාව බැතිසිතින් සිදුකරන ලෙසත් සම්බුද්ධ ශ්‍රීපාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ බැතිමතුන්ට දැනුම් දෙති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More