දේශීය පුවත්

කසළ තේවලට සීනි කලවම් කර උසස් තත්ත්වයේ තේවලට සමාන පෙනුමක් ලබාදෙන තේ කම්හලක කළමනාකරුවෙක් කසළ තේ ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පෙරේදා (07 වැනිදා) පේරාදෙණිය මුරුතලාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුරුතලාව පදිංචි 72 හැවිරිදි අයෙකි.

ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයේ තිබී කසළ තේ කිලෝ 1620, අඹරන ලද තේ කිලෝ 1500, සීනි කිලෝ 50, සොයාගත් බව පොලිසිය කියයි.විමර්ශනවලදී හෙළිවී ඇත්තේ කසළ තේ සමග සීනි උණුකර කලවම් කිරීම නිසා බාල තත්ත්වයේ තේ පැහැය වෙනස් වී කළුපාටට හැරෙන බවයි.

විශාල ලාභයක් උපයාගත හැකි ජාවාරමක් ලෙස දිගු කලක සිට මෙය මෙහෙයවා ඇති බවද අනාවරණය කොටගෙන ඇත. විශේෂ කාර්ය බළකා ගම්පොළ කඳවුරේ පොලිස් පරීක්ෂක සී.එස්. රත්නායක විසින් වැටලීම සිදුකොට සැකකරු සහ තේ තොගය ඉදිරි විමර්ශන සඳහා ගම්පොළ තේ කොමසාරිස් කාර්යාලයේ තේ සංවර්ධන නිලධාරී කේ.එච්.සී. බණ්ඩාර වෙත භාරදී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More