අග්‍රාමාත්‍යධුරය වෙනස්කර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආන්ඩුවක් ගොඩනැගීමට ගෙන තිබෙන උත්සාහය කිසිසේත්ම අත්හැර නොමැති බව ශ්‍රී ලංකා නිදස් පක්ෂයේ ජාතික සංවිධායක විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.
මේ ගැන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරුන් ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම සහ නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමට තීරණයකර තිබෙන බවත් එම තීරණය කඩිනමින් ලැබෙනු ඇතැයි කියා අපේක්ෂාවෙන් සිටින බවද සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ශ්‍රේෂඨාධිකරණයෙන් ඒ සම්බන්දයෙන් මතය ලැබෙනතුරු නව අග්‍රාමාත්‍යවරයෙකු සහිත ආණ්ඩුව පිහිටුවීමට අදාළ සාකච්ඡා දිගටම සිදුකරගෙන යන බවත් එම සාකච්ඡාවල සාර්ථක ප්‍රගතියක් පෙන්නුම් කරන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...