ජනාධිපති විමර්ශන කොමිසමකින් දූෂණ වංචා රැසකට චෝදනා ලද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධානියකු, මාසිකව රුපියල් නවලක්ෂ අනූදහසක වැටුපක් ලබන අතරේ තවත් උසස් තනතුරක් ලබා ගැනීමට මේ දිනවල සැලසුම් කරමින් සිටිතියි අනාවරණය වී ඇත.
මේ සම්බන්ධව ගුවන් නියමු සංසදය, විධායක නිලධාරී සංගමය ඇතුළුව ගුවන් සමාගම සුරැකීමේ ව්‍යාපාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුවත් කිරීමට සූදානම් වන බවද දැනගන්නට ඇත.
ජනාධිපති කොමිසමෙන් චෝදනා එල්ලවූ මෙකී නිලධාරියාට එරෙහිව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවක සේවිකාවන් රැසක් දූෂණ වංචා මෙන්ම අඩන්තේට්ටම් ගැනද සාක්ෂි ලබාදී තිබුණේ චෝදනා දොළහක් ගොනු කරමිනි. මොහුගේ හුරතලියන් වූ සේවිකාවන්ට පුහුණු තනතුරේ සිටියදී විධායක තනතුරු පවා ලබාදෙමින් කළ දූෂිත ක්‍රියාකාරකම් ගැන ජනාධිපති කොමිසමෙන් හෙළිවීම නිසා ඔහු සේවය කළ ප්‍රධාන තනතුරෙන් ඉවත් කළ බව සේවක වෘත්තීය සමිති පෙන්වා දෙයි.
තනතුරෙන් ඉවත් කර තාවකාලිකව ඉහළ තනතුරක් පිරිනමමින් එතෙක් ලද වැටුපම ගෙවීමට අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය දී තිබිණි. ඔහු පත්කර තිබුණේ එම තනතුරේ තවත් නිලධාරියකු සිටියදීය. ඔහුට තම ධුරයට උපදේශකයකු හා සහායිකාවක් බඳවා ගැනීමටද අවසර දුන් බව වෘත්තීය සංගම් පෙන්වා දෙයි. කලින් අහිමි කළ ධුරයේ දැනට කටයුතු කරන නිලධාරියා විශ්‍රාම ගැනීම නිසා දැනට දරන තාවකාලික තනතුරට අමතරව කලින් සිටි තනතුරක් යළි ලබාගැනීමේ සැලසුමක් මොහු මේ වනවිට ක්‍රියාත්මක කර ඇතැයි වෘත්තීය සංගම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
අප මේ සම්බන්ධව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලකගෙන් විමසූ විට පැවසුවේ, එවැනි තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත්, නව අධ්‍යක්ෂ මණ්ඩලය තවම පත්වී නොමැති බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...