දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් සමුගැනීම පිළිබඳව ඉඟියක් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ඊයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී හෙළිවිය.

ඔහු එහිදී ප්‍රකාශ කළේ “රනිල් වික්‍රමසිංහ මැතිතුමා දේශපාලනයෙන් ඉවත්වන තත්ත්වය තුළ පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා සජිත් ප්‍රේමදාස” මහතා බවයි.

“විපක්ෂනායක ප්‍රශ්නය අපිට සාකච්ඡාවෙන් සම්මුතියෙන් විසඳගන්න ලැබුණා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් දේශපාලනයෙන් ඉවත්වන තත්ත්වය තුළ පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා සජිත් ප්‍රේමදාස. පක්ෂයේ නායකත්වය පිළිබඳ ප්‍රශ්නයත් මේ ආකාරයෙන් විසඳා ගත යුතුව තිබෙනවා. පක්ෂය තුළ සිටින කිසිම ජ්‍යෙෂ්ඨයෙක් එළියට යන්නේ නැති විදිහට සියලු දෙනාම පක්ෂය තුළ සහෝදරත්වයෙන් වැඩ කරන්න පුළුවන් ආකාරයට මුළු පක්ෂයම එක්සත් කරන ආකාරයට වැඩ කළ යුතුයි. අපි විශ්වාස කරනවා ඊළඟ දින කිහිපය තුළ සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ නායක්තවයට පත්කර ගැනීමේ වැඩපිළිවෙළ සාර්ථකව අවසන් කර ගත හැකි වෙයි කියලා. වසර 25ට පස්සේ මේ දේවල් සිදුවෙන්නේ. ඒකට කායලයක් දෙන්න. සඳුදා දිනයේදී මේ ගැන සාකච්ඡාවක් තිබෙනවා. අරගලයෙන් තොර ජයග්‍රහණයක් නෑ. නමුත් ඒ ජයග්‍රහණය ළඟ පේනවා”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More