දේශීය පුවත්

පැහැර ගැනීමට ලක්වූ බව කියූ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන වීසා නිලධාරිනියක යැයි සඳහන් ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් ඊයේ (08 වැනිදා) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැය 04කට ආසන්න කාලයක් තිස්​සේ ප්‍රකාශයක් ලබා දුන්නාය.

ඇගේ ප්‍රකාශයක් ලබා දීමට ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය පෙරේදා (07 වැනිදා) ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කළ කොන්දේසි සියල්ල ප්‍රතික්ෂේප කිරීම නිසා තම ප්‍රකාශය ලබාදීමට ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබිණි.

තම නිලධාරිනියගෙන් ප්‍රකාශයක් ගැනීමට අවශ්‍ය නම් පෙරේදා (07 වැනිදා) ඇය නැවතී සිටි නාරාහේන්පිට පෞද්ගලික රෝහලකදී එය ලබාදීමට ඉඩදීමට හැකි බවට ස්විස් තානාපති කාර්යාලය කොන්දේසි ඉදිරිපත් කර තිබිණි. ප්‍රශ්න කරන මොහොතේදී නීතිඥවරුන් දෙදෙනකුත්, ලංකාවේ ස්විස් තානාපතිවරයාත්, වෛද්‍යවරයකුටත්, ඇය ළඟ රැඳී සිටිය යුතු බවත්, සියලු දෙනාට ආරක්ෂාවක් සපයාදිය යුතු බවත්, ස්විස් තානාපති කාර්යාලයේ කොන්දේසිවල සඳහන් විය.

එයින් පසුව ගානියා බැරිස්ටර් නමැති ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික කාන්තාව නීතිඥවරුන් දෙදෙනක්ද සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණාය.

මෙම නිලධාරිනියට විදෙස්ගතවීම තහනම් කරමින් අද (09 වැනිදා) දිනයට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන්නැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න ඉකුත් 03 වැනිදා නියෝග කර තිබිණි.

නිලධාරිනිය ඌබර් ටැක්සියක් ගෙන්වාගෙන ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ තම දරු දෙදෙනාගේ දෙමාපිය රැස්වීමක් සඳහා නොවැම්බර් 25දා පස්වරු 4.15ට ගිය බවත්, ඒ යන මොහොතේ පාසල අසලදී පස්දෙනකු විසින් ඇයව පැහැරගෙන ගොස් ලිංගික අතවර කර නිශාන්ත සිල්වා නමැති අයකුට වීසා ලබාදීම පිළිබඳ ප්‍රශ්න කර පැය කිහිපයක් රඳවා තබාගෙන මුදාහැර ඇතැයි ස්විස් තානාපති කාර්යාලයේ දෙවැනි නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලි කර තිබිණි.

මෙහිදී කාන්තාව ගැන කිසිදු තොරතුරක් ලබානොදුන්නද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇය සම්බන්ධ සියලු තොරතුරු සොයාගෙන මෙම සියලු චෝදනා එකිනෙකට පරස්පර බව විමර්ශන මගින් තහවුරු කර පෙන්වාදී තිබුණේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඩබ්ලිව්. තිලකරත්න, සහකාර පොලිස් අධිකාරි ලොකුහෙට්ටි, මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ විසින් විමර්ශන සිදුකළේය.

පැහැර ගැනීම සිදුවූවා යැයි කියන තැන පටන් සිදුවූ සියලු දේ සම්බන්ධව හා විමර්ශනවලින් හෙළි වූ තොරතුරු සම්බන්ධව දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරමින් ප්‍රකාශය සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අනාවරණය විය.

‍මෙම ස්විස් නිලධාරිනිය ස්විස් තානාපති කාර්යාලයේ සිටින විදෙස් නිලධාරීන් සමග පස්වරු 2.30ට පමණ රහස් පොලිසියට පැමිණ ඇති අතර, එහිදී මූලික ප්‍රකාශ සටහන් කිරීමෙන් පසු අධිකරණ වෛද්‍ය නිලධාරියකු හමුවට පැමිණවීම සඳහා ආරක්ෂක රැකවල් මැද කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇත.

අධිකරණ වෛදය නිලධාරියකු හමුවට ඇය පැමිණවීම පිළිබඳව තානාපති කාර්යාලයේ නිලධාරීන් විරෝධය දැක්වීම නිසා, අධිකරණ වෛද්‍ය නිලධාරිනියක් හමුවට පැමිණවීමට කටයුතු කෙරිණි.

අනතුරුව ඇය යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන විත් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු රාත්‍රී 7.00ට පමණ පිටව ගියාය.



One thought on “පැහැර ගත්තායැයි ආන්දෝලනයට පත් ස්විස් නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් රහස් පොලිසියට එයි”

  1. This is a drama of the foreign missions or the forces against a stable country

    The question is who is to gain and who is to loose from this drama and the answer is obvious

    However ,let’s wait for a judgement on this than guess work

    One has to expect more of it in the coming days to discredit mother lanka

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More