දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග සිදු වූ ආණ්ඩු පෙරළියත් සමග ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වූ බොහෝ දෙනාට රජයේ ඉහල තනතුරු හිමි වුවද ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන, රියර් අද්මිරාල් සරත් වීරසේකර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් ඇතුළු ඉදිරිපෙළ ක්‍රියාකාරිකයන් ගණනාවක් එවන් තනතුරු ලබා නොගැනීම පසුගිය සති කිහිපයේ දේශපාලන කරලියේ කතා බහට ලක් වූ සිදු වීමකි.

මීට හේතුව මේ වන විට අනාවරණය වී ඇති ඇත. ඒ අනුව මේ පිරිසට රජයේ ඉහල තනතුරු භාර නොගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඊට පාදක වී ඇත්තේ මෙම වෘත්තිකයන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් කිරීමට ඇති සැලසුමයි.

මේ අයට අමතරව වියත්මග, එළිය වැඩසටහන් සමග සම්බන්ධ වූ වෘත්තිකයන් කිහිප දෙනෙක්ම මහ මැතිවරණයට ඉදිරිපත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කර ඇති බව වාර්තා වේ. දැන උගත් දේශප්‍රේමී වෘත්තිකයන් දේශපාලනයට පිවිසිය යුතු බවට රට පුරා ප්‍රබල ජනමතයක් මේ වන විටත් නිර්මාණය වී ඇත.

දේශපාලන ආරංචිමාර්ග අනුව මහාචාර්ය චන්න ජයසුමන අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්ද, ආචාර්ය නාලක ගොඩහේවා ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද, රියර් අද්මිරාල් සරත් වීරසේකර කොළඹ දිස්ත්‍රික්කයෙන්ද, ආචාර්ය චරිත හේරත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ද ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වනු ඇත.

– ශානක ප්‍රසන්න



One thought on “චන්න අනුරාධපුරයෙන්,නාලක ගම්පහහෙන්, සරත්වීරසේකර කොළඹින් – මහ මැතිවරණයේදී වියත්මග විශාල පිරිසක් පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට..”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More