ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන දේශපාලන නායකයින් ඕනෑම ඡන්ද විමසීමකින් පසුව ලැබෙන ප්‍රතිඵල අනුව ජනමතයට ගරු කළ යුතු බවත් තමා 2015 ජනවාරි 08 ජනාධීපතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිකුත්වීමට පෙර අළුයම 4.00ට පමණ ජනාධීපති මන්දිරයෙන් නික්මගියේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරමින් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාහ කරයි.
ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් සමග වර්තමානයේ පවතින අර්බුදකාරී දේශපාලන තත්ත්වය ගැන කරනලද සාක්ච්ඡාවකදී හිටපු ජනාධීපතිවරයා මේ බව ප්‍රකාශකර ඇත.
2015 ජනවාරි 08 පැවති ජනාධිපතිවරණයේ නිල සමස්ථ ප්‍රතිඵල නිකුත්වුයේ 09 වැනිදා දහවල් 2.00ට පමණ බවත් ඒ වන විට තමා සිටියේ මැදමුලනේ නිවසේ බවත් හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.
ප්‍රජාතන්ත්‍රවාදය, සම්මුතිවාදය, යහපාලනය, ලිච්ඡවී පාලනය වැනි කරුණු ගැන කෙතරම් කතාකළත් වැඩක් නොවන බවත් වඩාත් වැදගත් වන්නේ ඒ අනුව ප්‍රායෝගිකව කටයුතු කිරීම බවත් හිටපු ජනාධීපති මහින්ද රාජපක්ස මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...