පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත අද පැමිණියේය.
ඒ , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන තුරු දෙසැම්බර් මස 09 වනදා දක්වා ඇයට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් නියෝගයක් නිකුත් කර තිබූ පසුබිමකයි.
මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ශ්‍රී ලාංකික නිලධාරිනියක් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ප්‍රශ්න කර මුදාහැර ඇතැයි එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් පසුගියදා නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය කියා සිටියේ තානාපති කාර්යාලයෙන් ලද තොරතුරු සහ විමසා බැලූ තාක්ෂණික සාක්ෂි අතර පරස්පරතාවක් පවතින බවයි.
ඒ අනුව ඇයගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්විස් තානාපති කාර්යාලයේ අවසර ඉල්ලා සිටියත් ඊට ඉඩක් ලබානොදීම හේතුවෙන් එම නිලධාරීන් අධිකරණයට හමුවට ගොස් ඇයට විදෙස්ගතවීම වළක්වාලීම සඳහා නියෝගයක් ඉල්ලා සිටියේය.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන තුරු දෙසැම්බර් මස 09 වනදා දක්වා ඇයට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් නියෝගයක් නිකුත් කරනු ලැබුවේය.
එවැනි පසුබිමක ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය රැගත් බවට සැලකෙන DPL ලෙස සඳහන් රථ කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු පරිශ්‍රයට අද පස්වරු 5ට පමණ පැමිණියේය.
අදාළ රථ වලින් පැමිණි මුහුණු ආවරණය කරගත් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු පරිශ්‍රය තුළට කැටුව යන ආකාරය දැකගත හැකිවුණි.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අනෙක් දොරටුවෙන් වෑන් රථයකින් කාන්තාවක් ඒ තුළට ගමන් ගන්නා ආකාරය දැකගත හැකිවුණි.
ඒ අතර අදාළ කාන්තාව පරීක්ෂා කර බලා වාර්තාවක් ලබාගැනීම සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇති බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසුවේ තානාපති කාර්යාලය ප්‍රකාහ කරන ආකාරයේ එවැනි පැහැරගැනීමක් සිදුව නැතැයි සනාථ වී ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...