ව්‍යාපාරික පුවත්

මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර තේ වගා කරන අයටත් විශ්‍රාම වැටුපක් ලබා දීමට ක්‍රමවේදයක් සකස් කරන බව වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

“රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් තේවලින් ලබා ගත්තා. අද තේ ආදායම අඩුවී තිබෙනවා. කුඩා තේ වතු හිමියන් තමයි තේ වගාවට සියයට 70 ක් පමණ දායක වෙන්නේ. තේ වගාකරුවන් ඉල්ලීම් කරනවා ඒ අයටත් විශ්‍රාම වැටුපක් දෙන්න කියලා.

කිසියම් දායක මුදලක් තේ දළු විකුණන විට අරගෙන විශ්‍රාම වැටුපක් ලබාදෙන ලෙසට අද දින ගාල්ල දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන්ගේ සංවිධානය ද යෝජනාවක් ඉදිරිපත් කළා. එය ඉතා වැදගත් යෝජනාවක්. එම යෝජනාව ගැන රජයේ අවධානය යොමු කරනවා.” යැයි ඔහු පැවැසීය.

ඊයේ (07දා) ගාල්ල දී පැවති කුඩා තේ වතු හිමියන්ගේ රැස්වීමකදී මේ බව පැවැසීය.

“තේ වගාව දියුණු කළ යුතු තත්ත්වයකයි තිබෙන්නේ. මෙම වගාවට අලුතින් අය එකතු වෙන්නෙත් නැහැ. ඉන්න අය රැදී සිටින්නේත් නැහැ. පැරණි තේ ගස්වලින් දළු ටික කඩා ගන්නවා මිස පාළු සිටුවීමවත් කරන්නේ නැහැ.

තේ පැළ ලක්ෂ පනහක් සිටුවීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. පැළ නොමිලේ ලබා දෙනවා. තේ වගාවන් සමග ගම්මිරිස් ,කුරුඳු වැනි බෝග වවන්න උනන්දු වෙන්න. මෙහි වගා කළ හැකි කිසි භෝගයක් පිටරටින් ගෙන්වීම තහනම් කර භෝග වගාවන් සඳහා උනන්දු කරවීමට කටයුතු කරනවා. ගම්මිරිස් අපට අවශ්‍ය තරම් මෙහි වගා කර පිටරටටත් පැටවිය හැකියි.

කුරුඳුත් එහෙමයි. ඇතැම් දේශපාලඥන් කිහිප දෙනෙක් බාල ගම්මිරිස් පිටරටින් ගෙන්වා අපේ ගම්මිරිස් සමග කවලම් කර විකුණනවා. අප ඒ කටයුත්ත නතර කළා. රුපියල් 450 ට තිබුණ ගම්මිරිස් කිලෝව රුපියල් 900 දක්වා ඉහළ ගිහින්.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More