විදේශ පුවත්

ලෝක බැංකුව චීන රජයට 2025 වර්ෂය දක්වා වර්ෂයකට ඩොලර් බිලියන 1 සිට ඩොලර් බිලියන 1.3ක් දක්වා ණය දීමට අනුමත කිරීමත් සමඟ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට් මහතා ලෝක බැංකුවට තර්ජනාංගුලි එසවීමට පටන් ගෙන තිබේ.
මීට දින කිහිපයකට පෙර ලෝක බැංකුවේ මුල්‍ය මණ්ඩලය චීන රජයේ ණය අයැදුමට යහපත් ප්‍රතිචාර දැක්වීම ඩොනල්ඩ් ට්‍රම්ප්ට් මහතා දැනගත් වහාම ඔවුනට තර්ජනය කිරීමට පටන් ගෙන තිබේ.

මේ සම්බන්ධව ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ” ලෝක බැංකුව චීනයට ණය දෙන්නේ කුමටද? මෙය විය හැකි දෙයක්ද? ඔවුනට ඇති තරම් මුදල් තිබේ.ඔවුනට මුදල් නොමැතිනම් ඔවුන් මුදල් ඉපයිය යුතුයි. ණය දීම නවතනු!” යනුවෙන් පවසා තිබේ. ලෝක බැංකුවේ ප්‍රධානම මුදල් දායකයා අමෙරිකා එක්සත් ජනපදය වේ. අමෙරිකානු මහජන නියෝජිතයන්ගේ පොදු මතය වන්නේ අමෙරිකානු ජනයාගෙන් ලබාගන්නා බදු මුදල් මත යැපෙන ලෝක බැංකුව චීනයට අඩු පොලියට ණය දීම නොකළ යුතුය යන්නයි.

image.png
ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් සහ චීන අගමැති ලී කේක්වින්ග් චීනයේ බීජිං නුවර පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට පෙර අදහස් හුවමාරු කර ගනිමින්.


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More