පැවැති පළාත් පාලන මැතිවරණයට පෙර සිදුකළ ඡන්ද ව්‍යාපාරවලදී හිටපු ජනාධිපතිවරයා සිංහල ජනතාව අමතා මෙම ඡන්දයේ තීන්දුව අනුව ඊළම නැවත නැගිටිනු ඇතැයි කළ ප්‍රකාශයෙන් තමන් තැතිගත් බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසනවා.
විපක්ෂනායකවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (19දා) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදීයි.
දෙමළ ඊළම නිර්මාණය වෙන බව ඔහු කියන්නේ කෙසේද? ඔහුගේ දේශපාලන ව්‍යාපාරය අහිංසක සිංහල ජනයා නොමග යවන සුලු ද්වේෂ සහගත, කුරිරු හා අස්ථිර ක්‍රමවේදයක්. රාජපක්ෂ මහතා මේ ක්රමවේදයෙන්ම කටයුතු කළොත් දෙමළ ඊළම පූදින්නේ අප මතින් නොව, ඔබේම නෙළුම් පොහොට්ටුව මතින් යැයි විපක්ෂනායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...