දේශීය පුවත්

පසුගිය ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් දහ දෙනෙකුට එරෙහිව එල්ල වී තිබෙන ප්‍රබල චෝදනා සම්බන්ධයෙන් ඉදිරි සති දෙක ඇතුළත ඔවුන් ගෙන් කටඋත්තරයක් හෝ ලබා ගැනීමට ක්‍රියා නොකළහොත් වර්තමාන ආණ්ඩුවට එරෙහිව වුවද කැරලි ගැසීම ආරම්භ කිරීමට භික්ෂු සංවිධාන රැසකගේ අවධානය යොමුවී තිබෙන බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ ප්‍රකාශ කරති.

ස්විස් තානාපති කාර්යාලයේ නාටකය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය, මහා බැංකු මංකොල්ලය විල්පත්තුව වන විනාශය ඇතුළු චෝදනා රැසක ෆයිල් තොගපිටින් සාක්ෂි සහිතව අදාල විමර්ශන ඒකක වෙත භාර දී තිබියදීත් මේ ආකාරයෙන් ඔවුන්ට එරෙහිව කටයුතු නොකිරීම බරපතළ ප්‍රශ්නයක් බවද උන්වහන්සේ පෙන්වා දෙති.

පසුගිය ආණ්ඩුව කාලයේ දී එවකට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පළමුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඉන් පසුව පරීක්ෂණ පැවැත්වූ බවද තමන් වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරුන්ට සිහිපත් කර දීමට කැමති බවද පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More