Notice Board

අභාවප්‍රාප්ත එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(08) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයාසා මහතා සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා අභාවප්‍රාප්ත වුණි.

මියයන විට මන්ත්‍රීවරයා පසුවූයේ 57 හැවිරිදි වියේයි.

රංජිත් සොයිසා මහතාගේ දේහය මේ වන විට රත්නපුර ගොඩගකවෙල මස්ඉඹුල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබේ.

88 – 89 සමයේ ජනතා විමුක්ති පෙරමුණෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන සොයිසා මහතා මියයන විට ඒකාබද්ධ විපක්ෂයේ නියොජ්‍ය ජාතික සංවිධායක ධුරයේ කටයුතු කළේය.

ඔහු ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරීපත් වන්නේ, 2010 වසරේදී රක්වාන ආසනය නියෝජනය කරමින්ය.

අභාවප්‍රාප්ත එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය තැන්පත් කර ඇති ගොඩකවෙල මස්ඉඹුල ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසට මේ වන විටත් බොහෝ පිරිසක් පැමිණෙයි.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 02 ට ගොඩකවෙල මහඡන ක්‍රිඩාංගණයේදි සිදු කිරීමට නියමිතයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More