දේශීය පුවත්

ඉදිරි මහ මැතිවරණයට පුටුව ලකුණින් තරඟ කිරීම සඳහා පොදුජන එක්සත් පෙරමුණට නව නිළධාරී මණ්ඩලයක් ළඟදීම පත් කරනු ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් එකට එක්ව සාකච්ඡා කර එම නව නිළධාරී මණ්ඩලය පත් කෙරෙනු ඇති බව ද දැනගන්නට ඇත.

දැනට තිබෙන පොදුජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස වෙනස් කෙරෙන අතර ශ්‍රීලනිපයත් පොදුජන පෙරමුණ හා ඊට සම්බන්ධ පක්ෂත් එහි හවුල්කරුවන් බවට පත්වනු ඇත. ඒ සියළු පක්ෂවල තනතුරු බෙදී යන සේ නව නිළධාරී මණ්ඩලය පත් කෙරෙනු ඇති බව ද වාර්තා වේ.

පොදුජන එක්සත් පෙරමුණේ විධායක සභාව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බදාදා ( 04 දා ) රාත්‍රියේ දී ශීලනිප මූලස්ථානයේ දී රැස්වූ අතර හිටපු අගමැති දි.මු ජයරත්න මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ එහි මහලේකම් ධූරයට වාඩබලන මහලේකම් ලෙස රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා එහිදී පත්කර ගෙන ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More