දේශීය පුවත්

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුලින් ඉදිරිපත්වී ඇති බලය බෙදීමේ ක්‍රියාවලියේ ඇතුලත් කාරණා වර්ථමානයට නොගැලපෙන බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ජාවකට යාමට දෙමළ ජාතික සන්ධානය සුදානම් බව ආර්. සම්බන්ධන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියි.

මෙරට අමෙරිකානු තානාපති ඇලෙයිනා ටෙප්ලිට්ස් සමග කොළඹදී පැවති හමුවකදී දෙමළ ජාතික සන්ධානයේ නායකයා මේ බව ප්‍රකාශ කර සිටියේය.

මෙම සාකච්ජාවේදී ශ්‍රී ලංකාවේ දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් සහ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරය සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර කරුණු සාකච්ජා වී ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ නායකයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා රජය මගින් පිහිටුවා ඇති ස්වාධින කොමිෂන් සභා කිසිවක් අවලංගු කිරීමට සිය සන්ධානය සහය ලබා නොදීමට තීරණය කර ඇති බවයි.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ඉදිරිපත් වන කිසිදු කාරණයකදී ඊට තම පක්ෂය ඉදිරිපත් නොවන බවත් ජනාධිපතිවරනයේදී දෙමළ පක්ෂ ගණනාවක් එම මැතිවරණය වර්ජනය කළ යුතු බව කියා සිටියදී දෙමළ ජාතික සන්ධානය හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය පළකර සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් බව ඔහු අමෙරිකානු තානාපතිවරියට ප්‍රකාශ කර තිබේ.

මානව හිමිකම් මණ්ඩලය විසින් රජයට යෝජනා කරණ ලද කරුණු මෙතෙක් ඉටු නොකිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සහ උතුරේ දෙමළ ජනතාව දැඩි නොසතුටකින් පසුවන බව ආර්. සම්පන්දන් මන්ත්‍රිවරයා මෙහිදී අමෙරිකානු තානාපතිවරියට ප්‍රකාශ කොට ඇත.

එම කාරණා ඉටුකිරීම කඩිනම් කරන ලෙසත් යලිත් එම කරුණු ඉටු කිරීමට ශ්‍රී ලංකා රජයට අමතර කාලයක් ලබාදීම අනවශ්‍ය බැවින් එසේ නොකරන මෙන් දෙමළ ජාතික සන්ධානය ජිනීවා මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලා ඇති බවද මෙහිදී මන්ත්‍රිවරයා ප්‍රකාශ කොට ඇත.

මේ අතර ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ නිර්දේශයන් වහාම ඉටුකරන ලෙස ශ්‍රී ලංකා රජයට අමෙරිකාවෙන් යම් බලපෑමක් කරන මෙන්ද මෙහිදී ආර්. සම්පන්දන් මන්ත්‍රිවරයා ඇමරිකානු තානාපතිවරියගෙන් ඉල්ලා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More