පුරවැසි කොලම

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ජනාධිපතිවරණ පරාජයත් සමග පක්ෂ නායකත්වය ඉල්ලා සටන ආරම්භ කළත් ඉවැන්ජිකල් ක්‍රිස්තියානි මූලධර්මවාදියෙකුට පක්ෂ නායකත්වය දෙන්නේ කෙසේද යන ගැටළුව පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට මතුව තිබේ.

සජිත් ප්‍රේමදාස මුදලට තමන්ගේ ආත්මය පාවා දෙමින් ක්‍රිස්තියානි මූලධර්මාදය වැළද ගත්තේය. ඒ ඉරාන් වික්‍රමරත්නගේ එසෙම්බ්ලි ඔෆ් ගෝට් මූලධර්මවාදි නිකාය හරහාය. මුලින්ම මුලධර්මාදි ආගම වැලද ගන්නේ සජිත් ගේ නැගනිය වන දුලාංජලීය. සජිත්ව ක්‍රිස්තියානි මූලධර්මවාදයට ඇදගෙන යන්නේ රෝසි සේනානායකය.

ඉන්පසු 2001 දී සජිත් ඉවැන්ජිකල් මූලධර්මවාදි ක්‍රිස්තියානි නිකායට සම්බන්ධ වේ. නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති ලෙස සිටින කාලයේදි හම්බන්තොට ගැබිණි මාතාවන්ට පෝෂණ මළු බෙදූ අතර ඒ සියල්ලට අනුග්‍රහය දක්වා තිබුණේ මෙම මූලධර්මවාදී ක්‍රිස්තියානි නිකායය. එය පෝෂණ මළුවල මුද්‍රණය කර තිබීම හේතුවෙන් සජිත් අපහසුතාවයට පත් වූ අතර ඉන් පසුව බෙදූ සියළු පෝෂණ මළුවල එම මුද්‍රාව ඉවත් කර තාිබුනි.

හම්බන්තොට ප්‍රජාසේවා සියළු කටයුතු සදහා අනුග්‍රහකත්වය දක්වා තිබුණේ ඉවැන්ජිකල් මූලධර්මවාදීන් විසිනි. නමුත් සජිත්ගේ ඉල්ලීම පරිදි නම සදහන් කෙරුණේ නැත. සසුනට අරුණ වැඩසටහන සදහා මෙම සංවිධානයෙන් ආධාර ඉල්ලා තිබුණත් මූලධර්මාදීන් එය ලබාදීමට කැමැත් පළ නොකළේ එය බෞද්ධ කටයුත්තක් බැවැනි.

සජිත් මේ වැඩසටහන සදහා එකතු කර ගන්නේ කුප්‍රකට කැසිනෝ අන්තුවකු වන රවි විජේරත්නය. රවී විජේරත්න මූල්‍ය අනුග්‍රහය යටතේ ඔහු සසුනට අරුණ වැඩසටහන දියත් කරමින් සිටියි. රවී විජේරත්න සජිත්ව යොදා ගෙන කළු සල්ලි කෝටිප්‍රකෝටි ගණන් සුදු කලේය.

සජිත් මුලධර්මවාදී ක්‍රිස්තියානුවෙකු බව තහවුරු කරමින් ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේ වගකීම ඉරාන් වික්‍රමරත්නට පැවරුවේය. මෙය මංගල සජිත් හිත් නොහොද වීමකටද හේතුවිය. මුලින් සජිත් ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේ වගකීම මංගල බාරදී තිබුණත් ඉරාන් ගේ මැදිහත්වීමෙන් ඔහු එය ඉරාන් ට පැවරීමට කටයුතු කෙරුනි.

සජිත් සෑම ඉරුදිනකම විශේෂ දේවමෙහෙයක් වෙනුවෙන් නාවල කිරිමණ්ඩල මාවතේ පිහිටි ඉරාන්ගේ අයියා මෙහෙයවන ක්‍රිස්තියානි දේව මෙහෙයට ද සහභාගී වේ. මෙය ජනතාව අතර ප්‍රසිද්ධ කරුණක් නොවුනද මූලධර්මවාදි ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් අතර ප්‍රසිද්ධ කරුණකි.

සජිත් ක්‍රිස්තියානි මූලධර්මවාදියෙකු වීම ද සිංහල බෞදධ ඡන්ද පදනම සජිත්ගෙන් ඉවත්වීමට තවත් හේතුවකි. රටේ වෙහෙර විහාරස්ථානවලින් එම කරුණ අභ්‍යන්තරව ගලායාමද මෙයට හේතුවක්ය.

සජිත්ට පක්ෂ නායකත්වය දුනහොත් සිංහල බෞද්ධ ඉතිරි පිරිසත් පක්ෂය හැර යාවිය යන සැකය පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ට ඇතිව තිබේ. බෞද්ධයන්සේම කතෝලිකයන්ද මේ නිසා පක්ෂයෙන් ඈත් විමේ සම්බාවිතාවයක් පවතියි. මේ කරුණ මත එක්සත් ජාතික පක්ෂ දැඩි ගැටළුවකට මුහුණ දී සිටියි.

රනිල්ට ද මුල් අවධියේ කතෝලික ලේබලය ඇලවීමට උත්සාහ කළද ඔහුගේ මෑණියන් හෙළේනා විජයවර්ධන ළමාතැනියගේ දියණියවීමත්, රනිල් බම්බලපිටිය වජිරාරාමයේ ආදි ශිෂ්‍යයෙකු වීමත් යන කරුණු මත එම උත්සාහය ව්‍යර්ත විය.
Malith Wijenayake



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More