දේශීය පුවත්

නව රජයක් හා ආණ්ඩුවක් පත් වුවද ව්‍යවස්ථාදායක සභාව නොවෙනස් වීම නිසා ඉදිරියේදී විධායකය සමග ව්‍යවස්ථාදායක සභාව ගැටුම් ඇති විය හැකි බව නීති විශාරදයන් පවසයි. නව ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ පත්වීමත් සමග හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් වීමෙන් පසු නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත්විය.

කෙසේ වෙතත් රටේ ප්‍රධාන තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාදායක සභාව මගින් සිදු කරයි.

ඒ අනුව කථානායක, අගමැති, විපක්ෂ නායක සහ ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක්, සුළු පක්ෂ නියෝජිතයෙක්, අගමැතිවරයාගේ නියෝජිතයෙක් විපක්ෂ නායක නියෝජිතයෙක් හා අගමැතිවරයා නම් කරනු ලබන සිවිල් පුද්ගලයන් තුන් දෙනකු වශයෙන් සාමාජිකයන් දස දෙනකු ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරයි. ඒ අනුව වර්තමාන කථානායක කරු ජයසූරිය, ඇමැති මහින්ද රාජපක්ෂ හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එය නියෝජනය කරනු ලබයි. එහෙත් සෙසු සාමාජිකයන් ලෙස පත්ව සිටින අයගේ ධුර කාලය වසර තුනක් ඉක්ම යන තෙක් යළි වෙනස් වන ආකාරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර නොමැත. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නියෝජිතයා ලෙස පත් කළ අමාත්‍ය මහින්ද සමරසිංහගේ ධුර කාලය 2021 සැප්තැම්බර් 17 දිනෙනුත්, සුළු පක්ෂ නියෝජනය සඳහා පත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ නියෝජිතයා ලෙස පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල, අගමැතිවරයා නම් කළ සිවිල් ක්‍රියාකාරීන් වන ජයන්ත ධනපාල, එස්. සිල්ව කුමාරන්, ජවුඩ් යසූර් යන අයගේ ධුර කාලය 2021 ඔක්තෝබර් 10 දිනෙන් අවසන් වීමට නියමිතය. විපක්ෂ නායක නියෝජිතයා ලෙස එවකට හිටපු ආර්. සම්බන්දන්ගේ කාලය අවසන් වන්නේ 2022 අප්‍රේල් 05 දිනෙන් බව වාර්තා වේ.

එහෙත් නව ආණ්ඩුවක් පත්වූ පසු ව්‍යවස්ථාදායක සභාව වෙනස් වන ආකාරයක් 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නොවේ. අග්‍රවිනිශ්චයකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ විනිශ්චයකාරවරුන් නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, පොලිස්පතිවරයා, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) මෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, ජාතික විගණන කොමිසම, මුදල් කොමිෂන් සභාව ආදී කොමිෂන් සභාවල සභාපතිවරුන් හා සාමාජිකයන් යන සියලු තනතුරු පත් කරනු ලබන්නේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමතයෙනි.

ඒ අනුව නව ජනාධිපතිවරයා අගමැතිවරයා හා විපක්ෂ නායකවරයාගේ අභිමතය පරිදි ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් පත් කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත ඇති බව නීතිවේදීහු පවසති. මේ සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ව්‍යවස්ථාදායක සභාවට පත්වන සාමාජිකයන්ගේ ධුර කාලය වසර තුනකට යටත් වන නිසා ඔවුන් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් නිතියේ දක්වා නොමැති බවයි.

අරුණ ඉරිදා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More