මුහුණු පොතෙන්

කලින් ඉදන්ම ලියන්න කියල හිටපු දෙයක් මතක් උනා මේ නිවුස් එක දැක්කාම. ඇමතිවරුන්ට වගේම තානපතිලටත් ටර්ගට් එකක් දෙන්න ඕනා අනිවාර්යයෙන්. මම දන්නා විදියට ඇමතිවරයකුට වඩා දෙයක් කරන්න පුළුවන් තනතුරක් තමයි තානාපතිකම කියන්නේ. එවට යවන්න ඕනා බුලට් බඩු. අපේ රටේ වෙළද පරතර හිගය ඩො. බි 10 අවුරුද්දකට. මේක නැතිකරගන්න කම්ම අපිට ණයට තමයි කන්න වෙන්නේ. ඒ ඒ රටවල කැපැසිටි එක අනුව කොච්චර ලන්කවෙන් අපනයනය කරන්න මාකර්ට් එකක් හොයාගන්න පුලුවන්ද , එක කරන්න හැකියාව තියනවද , ලංකාවේ ආයෝජනය කරන්න පුළුවන් ආයෝජන්කයෝ කොච්චර හොයාගන්න පුලුවන්ද වගේ එක්ස්පර්ට්ලා දාල ඇනලයිස් එකක් කරලා ඒ ටර්ගට් එක්ක තානාපති කම් දුන්නනම් කරන්න පුලුවන් අය ඉතුරුවේවි බැරි අය එන්න කියන්න කලින්ම දාලා යාවි. මේක ඝෝටභය කරනවා කියල මට 200% විස්වාසයක් තියනව. ඒ නිකන් නෙමෙයි යුද්ධේ තිබුණ කලේ ඝෝටභය තානාපතිලත් එක්ක වැඩකරපු හැටි ගැන කතාවක් අහලා.

යුද්දේ දරුනුවටම යනකාලේ ජාත්‍යන්තරෙ හැන්ඩ්ල් කරන එක ගැන කතාකරන්න මහින්ද රාජපක්ෂ ජනාදිපතිතුමා කැදෙව්වලු තානාපතිලා සෙට් එක. ඉතින් ඔන්න ආපු ගමන් කස්ටිය ඝෝටභයව වටකරගෙන කියන්න ගත්තලු සර් හරි අමරුයි සෑර් අපිට පිට රටවල ඉන්න. පුදුම ප්‍රෙෂර් එක්ක තියෙන්නේ සර්. හැමදාම එක එක ප්‍රසන වලට උත්තර බදින්න ඕන සර්. නිවනක් නෑ සර්. එක නිසා පොඩ්ඩක් බැරිද සර් එක නැතිවෙන විදියට අපිට මේ වැඩේ කරන්න. වගේ නිකන් යුද්ද නැතුව නිකන් සාම කතා වගේ කොර්රන්න බැරිද වගේ ටෝක් තමයිලු දෙන්නේ ඉතිං ඔක්කොම කට්ටියට රට රටවලට වෙලා සතුටින් කාල බීලා ෂොපින් පාරක් දගෙන ජොලියේ ඉන්න. ඝෝටභය ගත් කටටම කිව්වලු මේ හලෝ, මගේ රාජකාරිය මේ රට රකින එක. එකට හරි මොකක්ද, ලෙඩේට හරි බේත මොකක්ද එක දෙන එක. නැතුව මේ ඔහෙලට තියන ප්‍රශ්න විසදන එකවත්, ඔහෙලගෙ ප්‍රෙෂර් එක නැති කරන එකවත් , ජාත්‍යන්තරේට ඕන එක කරන එකවත් නෙමෙයි . ඔහෙලා කරන්න ඕනා රට වෙනුවෙන් අපි මෙහෙ ගන්න තීන්දු තීරණ වෙනුවෙන් ජාත්‍යන්තෙරේ පෙනී හිටින එක. ඒවා දිෆෙන්ඩ් කරන එක. එකේ ඇත්ත නැත්ත පහදලා දෙන එක. එහෙම බැරි නම් දාල යන්න අපි එක කරනන් පුලුවන් අය යවන්නම්. කස්ටිය ඉන්නවලු මියට පිම්ම්බා වගේ. ඔන්න් ඔහොමයි අපේ අයියලත් එක්ක එදා ඝෝටා යුද්ධ කලේ.

ඒ ආරක්ෂක ලේකම් ඝෝටභය රාජපක්ෂ . අද අපිට ඉන්නේ විධායක ජනාධිපති ඝෝටභය රාජපක්ෂ. එච්චර අමාරු යුද්ධයක් ජාත්‍යන්තරේ හැන්ඩ්ල් කරගෙන අවුරුදු 3න් ඉවර කරපු ඝෝටභයට අපේ රටේ ආර්ථිකය ගොඩදාන එක මහා කජ්ජක් නෙමෙයි. අවු. 10 ක් ඝෝටා හිටියනම් අද ඩෝ.බි 88ට තියන දල ජාතික නිෂ්පාදනය දෝ.බි 200-250 කරනවා කියන එක නිකන් ඉර හද පායනවා වගේ සුවර් කාරණයක්. ඒ කියන්නෙ සංවර්දිත රටක්! (යහපාලනය අවු. 5ටම ඩෝ.බි 8 යි වැඩිකළේ, මහින්ද රාජපක්ෂ අවු. 9ට ඩෝ.බි 60ක් වැඩිකලා යුද්ධයක් කරන ගමන් ). ඔව් ඒ පෙරමග සලකුණු තියනවා මේ දවස් 15-20ට. අපිට තියෙන්නේ පුළුවන් උපරිමයෙන් එකට දායක වෙන එක. එකේ කොටස් කාරයෙක් වෙන එක. එදා යුද්දෙට කළා වගේ අපේ වටේ, අපිත් එක්ක ඉන්න ඕක කරන්න බෑ කියල හිතාගෙන ඉන්න, තාමත් නෙගටිව් මානසිකත්වයක ඉන්න මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න සුළුවෙන් හරි දායකත්වයක් දෙක එක. මේක කරන්න පුලුවන් වැඩක් කියල ඔවුන්ව කන්වින්ස් කරන එක. මුළු රටක් එතකොට ඉබේම පෙල ගැහේවි එදා යුද්දෙට පෙලගැහුන වගේ <3 <3 මව් බිමට ජය !!! - දේශක කෝට්ටගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More