දේශීය පුවත්

පසුගිය රජය විසින් තම පෞද්ගලික හිතවත්කම මත රටවල් කිහිපයකට පත් කළ තානාපතිවරුන්, මහකොමසාරිස් වරුන් සහ විදේශ සේවා නිළධාරීන් රැසක් එම ධූරවලින් ඉවත් කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇත.

ඒ අනුව තානාපතිවරුන් සහ මහකොමසාරිස් වරුන් 30 දෙනෙකුට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දී ඇත.

ඔවුන් අතර රුසියාවේ තානාපති ලෙස කටයුතු කරන දයාන් ජයතිලක, ඔස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් ජේ.සී වැලිඅමුණ, ඔස්ට්‍රේලියාවේ කොන්සල් ජෙනරාල් ලාල් වික්‍රමතුංග, ඉන්දියාවේ මහ කොමසාරිස් ඔස්ට්‍රින් ප්‍රනාන්දු, නෝර්වේ තානාපති අරුෂා කුරේ යන මහත්ම මහත්මීන් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉහළ තනතුරක් දරණ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඔස්ට්‍රින් ප්‍රනාන්දු මහතාගේ බෑණාට සහ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලයක් දරණ මාධ්‍යෙව්දී ලසන්ත වික්‍රමතුංග බිරිඳ වන සොනාලි සමරසිංහ මහත්මියට ලබා දී ඇති තනතුරුවලින් ඔවුන් ඉවත් කිරීමට ද තීරණය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More