පුරවැසි කොලම

පූජ්‍ය ඌවතැන්නේ සුමන ස්‌ථවීර
දේශමාමක ජාතික බලවේගයේ සභාපති

අපගේ මාතෘභූමිය නැවතත් බෙදුම්වාදයට, අන්තවාදයට සේම ආර්ථික අර්බුදයට ගොදුරුවීම පමණක්‌ නොව, ජනජීවිතයේ ආරක්‌ෂාවත් බරපතළ ආකාරයෙන් බිඳවැටී ඇති තත්ත්වයකට ඇදවැටී ඇත යන්න පොදුවේ උගතුන්, බුද්ධිමතුන් පමණක්‌ නොව පෑගෙන පෙළෙන පීඩිත ජනයාගේ පවා මතය වී තිබේ. මෙම තත්ත්වයෙන් මාතෘභූමිය මුදාගැනීමේ මංපෙත් විවර කර ගැනීSමේ ස්‌වර්ණමය අවස්‌ථාවක්‌ ශ්‍රී ලාංකීSය ජාතියට උදාවී තිබීම ජාතියේ භාග්‍යයකි. ඒ සඳහා නව ජනාධිපති ගෝඨාභය රාජපක්‌ෂ මහතාට පැවරී ඇති වගකීම බොහෝය. සෑම අවස්‌ථාවකදීම ත්‍රස්‌තවාදය, බෙදුම්වාදය, පරාජය කිරීමට නොබියව පෙරට ආ ගෝඨාභය රාජපක්‌ෂ මහතාට ශ්‍රී ලංකාව නව මාවතකට ගැනීමට හැකි බව බහුතර ශ්‍රී ලාංකිකයාගේ මතයය.

සුවිශේෂ දේශප්‍රේමී පක්‌ෂයක්‌ යෑයි කියා ගන්නා එක්‌සත් ජාතික පක්‌ෂය බිහි කළ මහා බලසම්පන්න දේශප්‍රේමී නායකයන් බවට හුවා දක්‌වන ෙ-. ආර්. ජයවර්ධන හා රණසිංහ ප්‍රේමදාස යන මහත්වරුන්ගේ පාලන කාලය තුළ දී රට තුළ බෙදුම්වාදය වර්ධනය කිරීමට අති විශාල වැඩ කොටසක්‌ සිදුකළ බවට යාපනයේ සංවර්ධන සභා ඡන්ද මංකොල්ලය, යාපනයේ මහජන පුස්‌තකාලය ගිනි තැබීම, 83 කළු ජූලිය හා දෙමළ මිනිසුන් ඝාතනය, දේපළ මංකොල්ලය, බහුජන විරෝධතා මැද ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කිරීම, සිංහල තරුණ ජන සංහාරය, කොටි සංවිධානයට අවි ආයුධ, සිමෙන්ති, මුදල් ඇතුළු ද්‍රව්‍ය ලබාදීම, පොලිස්‌ හා හමුදා ඝාතනයට පසුබිම සකසා දීම යනාදිය එහිලා වඩාත් කැපී පෙනේ.

එAවාගේaම දිවංගත බණ්‌ඩාරනායක යුවළගේ කණිටු දියණිය වීමත්, විජය කුමාරතුංග වැනි මානව හිතවාදී වූත්, සැබෑ වාමවාදියකු වූත් ජාතියේ ජනප්‍රිය චරිතයක්‌ කුල භේද නොතකා විවාහ කර ගැනීමත් කෙරෙහි විශ්වාසය තබමින්, මේ රටේ මහ ඇමැති, අගමැති හා ජනාධිපති ධුරයන්ට ජනතාව විසින් වාර්තා තබමින් පත්කර ගත් චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය කොටි සංවිධානයේ බෙදුම්වාදයට දැක්‌වූ සැබෑ ආකල්පය කෙබඳු වේදැයි විමසා බැලීමත් වැදගත්ය.

බටහිර බලවේග හා ඉන්දියානු සරණ යමින් විටෙක සාමයටත්, විටෙක යුද්ධයටත් යොමුවෙමින් සැබෑ ලෙසම එල්.ටී.ටී.ඊ. යට සංවර්ධනය වීමට මංපෙත් විවර කරමින්, රටේ ආර්ථිකය බිඳ දැමීමට සෘජුවම දායක වෙමින් නොනැවතී, කොටි සංවිධානය ලොව බලසම්පන්නතම ගරිල්ලා සංවිධානය බවත්, එය පරාජය කිරීමට ශ්‍රී ලංකා ආරක්‌ෂක හමුදාවන්ට නොහැකි බවටත් ප්‍රබල මතයක්‌ රට තුළ පැතිරවීමට ජාතියේ අවමංගල්‍යයම පතන මංගලගේ ප්‍රධානත්වයෙන් සුදු නෙළුම් ව්‍යාපාරයක්‌ ද ඇය නිර්මාණය කළ බව ප්‍රකට සත්‍යයකි.

එසේ එල්.ටී.ටී.ඊ. ය පරාජය කළ නොහැකිය යන මතය රට තුළ ප්‍රබල අයුරින් ජනගත කිරීම මගින් ශ්‍රී ලංකා ආරක්‌ෂක හමුදාවන්ට ආධුනික භටයන් එක්‌වීම සහමුලින්ම බිඳ දමනවාට අමතරව, නිත්‍ය සේනාංකයන් අතහැර පලායන සෙබළුන් සංඛ්‍යාවත් වඩාත් වර්ධනය කෙරෙන පසුබිමක්‌ ද ඇය නිර්මාණය කළාය. එම`ගින් සතුරා බලවත් වෙද්දී ආරක්‌ෂාව දුර්වල විය.

මේ අතර ජාතියේ මහ බැංකු ගොඩනැ`ගිල්ල, කොළඹ වරාය, දේශීය ආදායම් මූලස්‌ථානය, කටුනායක ගුවන් තොටුපළ ආදී රටේ ආර්ථික මර්මස්‌ථානවලට කොටි ප්‍රහාර එල්ල කෙරෙද්දී, ජාතියේ ආර්ථිකය ඉතිහාසයේ පළමුවරට Rන අගයකට ඇද දැමීමට ද එතුමිය සමත් වූවා ය. ආර්ථිකය බිඳවැටුණු රටකට යුද්ධයක්‌ පවත්වාගෙන යා නොහැකි බවත්, කොටි ඉල්ලන දෙයක්‌ දෙන ලෙසට ජනයාම ඉල්ලන ඇති බවත් ඇය දැන සිටියා ය. (2002 වසරේ දී ආණ්‌ඩුවේ අගමැති ධුරයට පත් වූ රනිල් වික්‍රමසිංහයන් එම පෙබරවාරි 22 වැනිදා ම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා විරෝධී අයුරින් කොටි බෙදුම්වාදයට රාජ්‍යතාන්ත්‍රික පිළිගැනුමක්‌ ලබාදෙමින්, උතුරු හා නැගෙනහිර නිල නොවන පාලනයක්‌ ඇතිකර ගැනීමට පසුබිම සැකසීමේ ගිවිසුමකට නීතී විරෝධී අයුරින් අත්සන් කරද්aදී, විධායක ජනපති බලතල පසෙක දමා අහක බලාගෙන සිටීමටත් ඇය පෙළඹුණාය.

එA මගින් බටහිර බලවේගයන්ගේ සුරතලාට රටත්, ජාතියත්, ආගමත් පාවා දීමටත්, සිය සිතැ`ගි පරිදි මාතෘභූමියේ එAකීය භාවය බි`ද දැමෙන ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථා සැලසුම් කිරීමටත් ඉඩකඩ ලබා දුන්නාය. එවක ජාතික – ආගමික බලවේගයන්ගේ නැ`ගීසිටීම සිදු නොවුණා නම්, මාතෘභූමිය දෙකඩ වී උතුරේ ඊළාම් රාජ්‍යය ගොඩනැ`ගීම චන්ද්‍රිකා – රනිල් – මංගල සුසංයෝගය යටතේම සිදු කෙරෙනු නියතය.

හෙළ ඉතිහාසයේ ප්‍රථම මහා සොළී ආක්‍රමණයෙන් මාතෘභූමිය මුදා ගැනීමට නායකත්වය දුන් ගැමුණු කුමරුන් නිර්මාණය කිරීමට ඔහුගේ සීයා වශයෙන් දායක වූ ගෝඨාභය මහ රජතුමන්ගේ පුනරාගමනයක්‌ ද මෙදා ජාතිය මුදා ගැනීමේ මහා සංග්‍රාමය මෙහෙයවීමට දායක වූයේ පෙර සංසාරයේ පෙරුම් පිරීමේ ආනිශංස මත බවට නම් නිසැකය. එය ඉතිහාසයේ වසර 2200කට පසුව සිදු වූ අපූරුතම සිද්ධියකි.

එA අයුරින් මාතෘභූමිය එක්‌ සේසත් කළ අවසන් රජු වශයෙන් ප්‍රකට පහළොස්‌ වැනි සියවසේ දී (1411-1467) රජකම් කළ හය (06) වැනි පැරකුම්බා මහරජුගෙන් පසුව ලංකා රාජ්‍යය නැවතත් එක්‌ සේසත් කිරීමට සමත් වූ රාජපක්‌ෂ යුගය, එම මාහැ`ගි කර්තව්‍යය සිදු කළේ ලොව බලසම්පන්නම ත්‍රස්‌ත සංවිධානයට පමණක්‌ නොව දේශීය – විදේශීය බෙදුම්වාදී බලවේග හා රාජ්‍ය තාන්ත්‍රික මර උගුල්වලටත් Rජුවම මුහුණ දෙමින් බවත් පරම සත්‍යයකි.

එහෙත් බෙදුම්වාදී දේශීය-විදේශීය බලවේගයන් එක්‌ යුද්ධයක්‌ පරාජයට පත් වීම නිසා ම මහා සංග්‍රාමය අත් නොහරින බව සනාථ කරමින් විකල්ප උපායන් වෙතට යොමු වූයේ ඇයි ද යන්න අවබෝධ කර ගැනීමත් මාතෘභූමියේ තිර පැවත්මට අත්‍යවශ්‍ය වී තිබේ.

අසූව දශකය ඇරඹෙද්දී ඇමෙරිකාවේ රොනල්ඩ් රේගන් හා බ්‍රිතාන්‍යයේ මාග්‍රට්‌ තැචර් එක්‌ව ලොව පුරා දියත් කිරීම ඇරඹූ නව ලිබරල් අර්ථ ක්‍රමය හෙවත් වෙළඳපොළ අර්ථ ක්‍රමයේ දකුණු ආසියානු නියමුවා බවට පත් වූයේ ජුනියස්‌ රිචඩ් ජයවර්ධනයන් ය. එම අර්ථ ක්‍රමය සාර්ථකව දියත් කිරීම උදෙසා සුවිශේෂ විධායක ජනපති ධුරයක්‌ ද ඔහු නිර්මාණය කර ගත්තේය. එA අනුව ශ්‍රී ලංකාව තුළ එතෙක්‌ බණ්‌ඩාරනායකවරුන් ක්‍රියාවට නැගූ නිෂ්පාදන අර්ථ ක්‍රමය වෙනුවට ආනයන පදනම් කරගත් පරිභෝජන අර්ථ ක්‍රමයක්‌ රට තුළ ව්‍යාප්ත කළේය.

ශ්‍රී ලංකාව සමාජ, සංස්‌කෘතික, ආර්ථික හා දේශපාලනික විනාශකාරී ම`ගකට ඇද දැමූ නව ලිබරල් අර්ථ ක්‍රමය හෙවත් විවෘත අර්ථ ක්‍රමය වෙනස්‌ කරන බවට ජාතියට පොරොන්දු, ප්‍රතිඥා දී 1994 දී බලය ලබා ගත් චන්ද්‍රිකා මහත්මිය, අනතුරුව විවෘත අර්ථ ක්‍ර්‍රමයට මානුෂීය මුහුණුවරක්‌ ලබා දෙන බව පවසමින් සිය මවත් – පියාණනුත් මේ රටට දායාද කළ ජනතා කර්මාන්ත ඇතුළු ආයතන 40 කටත් වඩා පෞද්ගලිකකරණය කරමින් මේ රට නිෂ්පාදන ආර්ථිකයෙන් පරිභෝජන අර්ථ ක්‍රමයට යොමු කරවීමේ ඡේ. ආර්. – ප්‍රේමදාස වැඩපිළිවෙල ඉදිරියට ගෙන යමින් ආර්ථික වශයෙන් ද බටහිර බලවේගයන්ගේ අවශ්‍යතා ඉටු කිරීමේ න්‍යායට අනුqගත වූවාය.

ඇයගේ වසර 11 ක පාලන කාලය තුළ රටත්, ජනතාවත් සමාජ, සංස්‌කෘතික, ආර්ථික හා දේශපාලනික වශයෙන්a අත්කර ගත් විනාශය හමුවේ දේශීය – විදේaශීය බෙදුම්වාදී බලවේග බලය අත්කර ගැනීමට දැරූ උත්සහය මාතෘභූමියටත්, ජාතියටත් ආදරය කළ දේශප්‍රේමී පොදු ජනයා සංවිධානගත වෙමින් එම කුමන්ත්‍රණකාරී බලවේග සියල්ල පරාජයට පත් කරමින් මහින්ද රාජපක්‌ෂයන් ජනපති ධුරයට පත් කළහ.

එසේ බලයට පත් මහින්ද රාජපක්‌ෂයන් සිය මළනුවන්ට රටේ ආරක්‌ෂාව භාරදී අවශ්‍ය අවි ආයුධ හා භෞතික සම්පත් සේම මානව සම්පත ලබා ගැනීමට පසුබිම සකසා දීමේ සෘජු ඵලය වශයෙන් වසර 26 ක්‌ මුළුල්ලේ හි`ගන්නාගේ තුවාලය බවට පත් කොට ගෙන සිටි බෙදුම්වාදී ත්‍රස්‌තවාදී යුද්ධය වසර 3 1/2 ක්‌ වැනි සුළු කාලයක්‌ තුළ නිමා කිරීමට ඔව්හු සමත් වූහ. අනතුරුව සුqනාමියෙන් හා යුද්ධයෙන් විනාශ වී තිබූ රට නැවතත් ප්‍රකෘති තත්ත්වයට ගෙන එAම ඉතාමත් කෙටි කාලයක්‌ තුළ දී සිදු කරමින්, ඇනහිට තිබූ ආර්ථික සංවර්ධනය ද වේගවත් අයුරින් සිදු කෙරෙද්දී, දෙස්‌ – විදෙස්‌ බෙදුම්වාදී බලවේග සිය උපාය උපක්‍රම මාරු කරමින් නැවතත් කරළියට එAම ඇරඹුවේ මුළු මහත් රට ම පිළිගත්, ගරු කළ මහ යතිවරයකුව සිටි අති පූජ්‍ය මාදොළුවාවේ ශ්‍රී සෝභිත නාහිමිපාණන්ගේත්, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේම මහාලේකම් වරයාගේත් චීවරයට හා බල තණ්‌හාවට මුවා වෙමිනි. කෙසේ නමුත් අවසානයේ රටේ පොදු ජනතාව සත්‍යය අවබෝධ කරගනිමින්, බෙදුම්වාදී බලවේග පරාජය කරමින්, ජාතික හැඟීමක්‌ ඇති නායකයකුට රට භාර දී තිබේ. ඒ සඳහා පෙරමුණ ගත් ආදරණිය රටේ ජනතාවට අප පළමුව ස්‌තුතිය පුද කළ යුතුය. මෙවර ජනතාව පෙරට නොපැමිණියේ නම්, නව ව්‍යවස්‌ථාවක්‌ මගින් උතුරට ස්‌වයං නිර්ණ අයිතිය ලබාදෙනු ඒකාන්තය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‌ෂ මහතාගේ පළමු නිල සංචාරය වූ ඉන්දීය සංචාරයේදී, ජනාධිපතිවරයා zද හින්දුZ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක්‌ ලබාදෙමින් දැක්‌වූ අදහස්‌ ඉතා අගය කළ යුතුය. එහිදී ජනාධිපතිවරයා පවසා තිබුණේ ඡේ.ආර් – ගාන්ධි හඳුන්වා දුන් පළාත් සභා ක්‍රමයේ එන ඉඩම් – පොලිස්‌ බලතල උතුරට ලබා නොදෙන බවය. ඒ සඳහා විකල්ප සාකච්ඡා සූදානම් බවද එහිදී ජනධිපතිවරයා පවසා තිබිණි. එය බෙදුම්වාදීන්ගේ ප්‍රාර්ථනා සුණු විසුණු කළ ප්‍රකාශයකි. මේ වන විට පළාත් සභා ක්‍රමය මුළුමනින්ම අසාර්ථක, මහජන මුදල් කාබාසිනියා කරන පාලන ක්‍රමයක්‌ බව රටම තේරුම් ගෙන තිබේ. එවැනි සුදු අලියකුට ඉඩම්, පොලිස්‌ බලතල දී, උතුරු පළාත වෙනම රාජ්‍යයක්‌ බවට පත් කිරීමේ ඔප්පුව සකසා දීමේ බෙදුම්වාදී දේශපාලන යාන්ත්‍රණය අප මුළුමනින්ම පරාජය කළ යුතුය. ඒ සඳහා පෙරමුණ ගැනීමට දේශ මාමක ජාතික බලවේගය සෑම විටම සූදානමින් සිටින බව අපි මෙහිදී රටට මතක්‌ කර සිටින්නෙමු



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More