දේශීය පුවත්

වත්මන් ආණ්ඩුවේ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් (06) යලි නඩුවක් ගොනුකර තිබේ.

2014 වසරේ මැයි මස 21දා විත්තිකාර පියංකර ජයරත්න මහතා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකන් කේටර්ස් සමාගමට අයත් රුපියල් තුන් ලක්ෂ තිස් දහසක මුදලක් මාරවිල පිහිටි ගම්බද කේටර්ස් නමැති සමාගමට ගෙවන ලෙස ශ්‍රී ලංකන් කේටර්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා පෙළඹවිම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් නඩුවක් ගොනුකර තිබූ අතර එය යලි නඩු පැවරීමට යටත්ව පසුගිය 3 වැනිදා ඉල්ලා අස්කර ගත්තේ ය.

එම නඩුව ගොනුකර ඇත්තේ අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේ ලිඛිත අනුමැතිය නොමැතිව බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරිය පවසා සිටි අතර ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු වෙත ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදී තිබිණි.

ඒ අනුව දැනට රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතුකරන ප්‍රියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් යලි එම නඩුව ගොනුකර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More