දේශීය පුවත්

දිවයිනට බලපා තිබෙන අධික වර්ෂාවත් සමග ගොවි ජනතාවගේ ගොවි බිම් අක්කර ලක්ෂයකට අධික ප්‍රමාණයක් ජලයෙන් යටවීමෙන් හා වී, එළවලු, පලතුරු, සුළු අපනයන බෝග ඇතුළු වගාවන් රැසකට විවිධ රෝග නිසා විනාශ වී ඇති බැවින් නිසි නිවැරිදි තක්සේරුවක් සිදු කර වන්දි ලබාදීමට පියවර ගන්නා ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය අද (06) දඹුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට එම සම්මේලනයේ ලේකම් ටි.බී සරත්, උප සභාපති සුසන්ත කුමාර නවරත්න, කමිටු සාමාජික සුනිල් රණවීර, දඹුල්ල ඒකාබද්ද ගොවි පදනමේ කැඳවුම්කරු ඩබ්ලිව්.එම් තිලකරත්න යන මහතුන්ද එක්ව සිටියහ.

වී වපුරපු වගා බිම් මෙන්ම බඩඉරිඟු, කහ, ගෝවා, නෝකෝල්, අන්නාසි, කොමඩු ඇතුළු බෝග වගාවන් රැසකට හානි සිදුවීමෙන් එම ගොවින් කබලෙන් ලිපට වැටි ඇති බව මෙහිදී නාමල් කරුණාරත්න මහතා පැවසිය.

දින 35ක් 45ක් වැනි කෙටිකාලින එළවලු වර්ගවලට හානි සිදුවෙලා. විශාල පිරිවැයක් දරමින් වගාකළ බිම් විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවෙලා.

පසුගිය ආණ්ඩු විසින් අපදා අවස්ථාවන්හි නිලධාරීන් පැමිණ වගා හානි තකසේරු කර ලිපි ලේඛන සකස් කළත් වන්දි ලබාදීම සිදු නොකර ගොවි ජනතාව දිගින් දිගටම වන්දි මුදල් ලබානොදී මුලා කිරීමට කටයුතු කළා. ඉතිහාසයේ හැමදාමත් පාලකයින් හා නිලධාරීන් සිදුකළේ ගොවි ජනතාව රවටපු එක.

ගොවියා රවටපු අමිහිරි අත්දැකීම ගොවීන්ට උරුම නොකර පැහැදිලි ක්‍රමවෙදයක් අනුව වගා හානි පිලිබඳව නිසි තකසේරුවක් සිදු කර ගොවියාට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලනවා.

ආණ්ඩුව විසින් ගොවි ජනතාවට ජනාධිපතිවරණයේදී ලබාදීමට පොරොන්දුවූ පොහොර සහනාධාරය අපේක්ෂාවෙන් වී වගාව ප්‍රමාද කළ බවත්, දැන් මේ වනවිට වර්ෂාවත් සමග වී වගාව ආරම්භ කර ඇති ගොවින් පොහොර සහනාධාරය අපේක්ෂවෙන් සිටින බවද නාමල් කරුණාරත්න මහතා පැවසිය.

සහනාධාර පොහොර ලබාදෙන නිශ්චිත ක්‍රමවේදයක් මෙතෙක් ප්‍රකාශයට පත නොකිරිම හේතුවෙන් ගොවියා මංමුලාවී සිටින බවද ඒ මහතා කියා සිටියේ ය.

එසේම ඇතැම් ප්‍රදේශවල ගොවින් හා වාණිජ බැංකු අතර වගා ණය සමබන්ධයෙන් ගැටුමක් මතුවී ඇති බවත් ණය වාරික ගෙවන ලෙස බැංකු මගින් ලිපි එවන බවත් වගා හානි කපා හරින බවට ආණ්ඩුව පොරොන්දු ලබාදී ඇති බැවින් තමන්ට නඩු නොපවරා එම මුදල ආණ්ඩුවෙන් අයකර ගැනීමට පියවර ගන්නා ලෙසත් එහිදී නාමල් කරුණාරත්න මහතා ඉල්ලා සිටියේ ය.

එහෙත් එසේ ගොවි ණය කපා හැරීමට ආණ්ඩුව උපදෙස් ලබාදී නොමැති බව බැංකු විසින් ගොවීන්ට දැනුම් දි ඇතැයිද නාමල් කරුණාරත්න මහතා පැවසූ අතර ගොවින් පිඩාවට පත් නොකර කඩිනමින් සුදුසු විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසද නාමල් කරුණාරත්න මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More