දේශීය පුවත්

අධික වර්ෂාපතනයත් සමග සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පිහිටා ස්ථාපිත කොට තිබු විභාග මධ්‍යස්ථානයන් අද (06) උදෑසන වැසි ජලයෙන් යට වීම හේතුවෙන් විපතට පත්වූ පාසල් ළමුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය පියවර ගනු ලැබීය.

කිලිනොච්චිය ධර්මුපරම් විද්‍යාලයේ පිහිටා තිබූ විභාග මධ්‍යස්ථානයේ පහළ තට්ටුවල පන්ති කාමර ජලයෙන් යටවි තිබූ බවත් පසුව කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් පරිදි යුදහමුදා නිලධාරීන් විසින් පහළ තට්ටුවල තිබූ මේස පුටු ඉහළ තට්ටු වෙතට රැගෙන ගොස් විභාගය වෙනුවෙන් පෙනී සිටින සිසු දරුවන්ද ඉහළ තට්ටුවට රැගෙන යාමට කටයුතු යොදා ඇත.

එමෙන්ම විභාගයට පෙනි සිටින දරුවන්ට ගංවතුර තත්ත්වයන් හේතුවෙන් විභාග මධ්‍යස්ථාන වෙතට පැමිණීමට නොහැකි වීමෙන් යුද හමුදා සෙබලුන් විසින් ට්‍රැක්ටර් රථ යොදාගෙන විභාග ශාලව වෙත රැගෙන ගිය බවත් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් අවට රැදී සිටීමටද පියවර ගෙන ඇත.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ කිලිනොච්චිය හින්දු විද්‍යාලයේ ස්ථාපිත කොට තිබු විභාග මධ්‍යස්ථානයද අද උදෑසන ජලයෙන් යටවි ඇති අතර විභාගයට පෙනී සිටින දරුවන් බෝට්ටු යොදාගෙන විභාග ශාලාව වෙත රැගෙන යාමටද යුද හමුදා නිලධාරීන් පියවර ගෙන ඇති අතර දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් අවට රැදී සිටින බවද කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය වැඩිදුරටත් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More