දේශීය පුවත්

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් ඇතුලු එම සංගමයේ නිලධාරින් ඊයේ (05) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සමග සිය වෘත්තීන්ට අදාල කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත විය.

මෙම සාකච්ඡාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විනි.

මෙහිදී නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වන “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් සෞඛ්‍ය සේවාව නගා සිටුවිමට අදාළ කරුණු ක්‍රියාත්මක කිරිම පිළිබඳව අවධානය යොමු කරන ලදි.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් ඇතුලු එම සංගමයේ නිලධාරින් පසුගිය වසර 4 ½ කාලය පුරාවට හෙද ක්ෂේත්‍රයට අදාළ නොවිසදුණු ප්‍රශ්න හා ගැටලු පිළිබඳ අමාත්‍යවරිය දැනුවත් කිරීමට මෙහිදී පියවර ගන්නා ලදි.

විශේෂයෙන් හෙදියන් සදහා හෙද උපාධිය පිරිනැමිම පිළිබඳව කඩිනම් පියවර ගන්නා ලෙස අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටින ලදි. ඒ අනුව හෙද උපාධිය පිරිනැමිම පිළිබද අමාත්‍යතුමිය සිය එකඟතාවය පළ කරන බව ද ප්‍රකාශ කළාය. එම සංගමය විසින් සාකච්ඡාවට ගත් ප්‍රධාන කරුණූ වලට අමතරව හෙද සේවාවේ උසස්විම්, ස්ථානමාරුවිම් සහ සුබසාධන කටයුතු පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි.

මෙම සාකච්ඡා සදහා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන්, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් පී.එම්.එස් චාල්ස් මැතිණිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, අමාත්‍යාංශයේ නිලධාරින් සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය නියෝජනය කරමින් නිලධාරීන් එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More