දේශීය පුවත්

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 70,000කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව සටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේ පවුල් 70, 957කට අයත් පුද්ගලයින් දෙලක්ෂ 35,906ක් අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්ව ඇති බවයි.

මේ අතර නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින අතර දිවයිනේ නිරිත දිග කොටසේ සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.

මඩකලපුව, අම්පාර, බදුල්ල, මොණරාගල, නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තු සඳහන් කරයි.

සෙසු ප්‍රදේශවල විශේෂයෙන් දිවයිනේ නිරිත දිග කොටසේ ප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක. බදුල්ල, මොණරාගල, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75-100 පමණ තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාගුණ විද්‍යා දෙපාර්තමේන්තු ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More