විදේශ පුවත්

නේටෝ සංවිධානය උතුරු සිරියාවේ සටන් වදින කුර්දි සටන්කාමීන් ත්‍රස්තයන් ලෙස නම් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු අදහස් දැක්වූ තුර්කි ආරක්ෂක ඇමති හුලුසි අකාර් මහතා පවසා සිටියේ තුර්කිය ත්‍රස්තයන්ට එරෙහිව කරන යුද්දයේදී නේටෝ සංවිධානය තමන්ව හුදකලා කල බවයි.

ලන්ඩන් නුවර පැවැත්වුනු නේටෝවේ 70වෙනි සංවත්සරය පෙරාතුව තුර්කිය පවසා සිටියේ නේටෝ සංවිධානය කුර්දි වයි.පී.ජී සන්නද්ධ සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් නොකරන්නේ නම් බෝල්ටික් රාජ්‍යන් ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට නියමිත ආරක්ශක සැලසුම අසාර්ථක වනු ඇති බවයි.තුර්කිය දශක ගනනාවක් තිස්සේ කුර්දි ‍ය්ඵ්ඝ් ගරිල්ලා වරුන්ට එරෙහිව ආරක්ෂන ප්‍රහාර එල්ල කළ නමුදු පසුගිය සැප්තැම්බරයේ සිට ඔවුන්ට එරෙහිව ප්‍රහාරාත්මක ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්හ.

මේ අතර තුර්කිය රුසියාවේ නිෂ්පාදිත එස්-400 ගුවන් ආරක්ෂක පද්ධතිය මිලට ගැනීමට තීරණය කිරීම තුර්කිය සහ නේටෝ සංවිධානය අතර ඇති මිත්‍රත්වය තීරණාත්මකව පළුදු වීමක් බව දේශනපාලන විශ්ලේෂකයෝ පවසති.ඩොනල්ඩ් ට්‍රම්ප්ට් සහ තුර්කි ජනාධිපති එර්ඩොගාන් අතර සාකච්ඡා පැවැත්වුනද ඇතිවී තිබෙන අවුල්සහගත තත්වය විසඳීමට තරම් එය ප්‍රමානවත් නොවිනි.

කෙසේ වුවද රුසියානු මිසයිල පද්ධතිය මිලදී ගැනීමේ කටයුතු ප්‍රමාද වීමටද මෙම තත්වය බලපා තිබේ. ඊයේ(06) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී තුර්කි විදේශ ඇමතිවරයා පවසා සිටියේ රුසියානු මිසයිල පද්ධතිය මිළදී ගැනීම පිටුපස කිසිදු දේශපාලන සම්බන්ධයක් නොමැති බවත් ඇත්තේ අමෙරිකාව, ප්‍රංශය වැනි රටවල් අවශ්‍ය අවිආයුද සපයා නොදීම බවත් පැවසීය.


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More