කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) දින ආරම්භවූ පාර්ලිමේන්තුවේ වැඩකටයුතු දවල් 1.35 ට අවසන් විය. කල්තැබීමේ අවස්ථාවේ විවාදයක් ලෙස අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තිබුණේ ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර නිකුතුවගැන සොයාබැලු විශේෂ ජනාධිපති විමර්ෂණ කොමිෂන් සභා වාර්තාව සහ බරපතල වංචා දූෂණ පිළිබඳ ජනාධීපති කොමිෂන් සභා වාර්තාවයි.
බරපතල වංචා ජනාධිපති කොමිෂන් වාර්තාවේ දෙමළ පිටපත ලැබී නොමැති නිසා විවාදයට සහභාගී වීමට නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේය.
ඊට විරෝධය දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේ මෙම විවාදය පැවැත්විය යුතු බවයි. ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ බලය කථානායක සභාවට පැවරු අතර සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාහ කළේ පාර්ලිමේන්තුව හෙට දිනය දක්වා කල්තැබීමටයි. පාර්ලිමේන්තුව දිනකට රැස්වීමට යන වියදම දළ වශයෙන් රුපියල් ලක්ෂ 60කි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...