දේශීය පුවත්

රට ජාතිය ආගම බේරා ගැනීම සඳහා වරප්‍රසාද පසෙකලා නුදුරේදී තවත් යුග මෙහෙවරක් සිදුකළ යුතුව ඇති බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ(06) පොළොන්නරුවේ පැවති දානමය පුණ්‍යෝත්සවයකදී .

පොළොන්නරුව පුරාණ ඉසිපතන රජමහා විහාරස්ථානයේ විහාරාධිපති උතුර, උතුරුමැද , නැගෙනහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය උඩගම ශ්‍රී ධම්මානන්ද හිමියන්ගේ 80 වන ජන්ම දිනය වෙනුවෙන් සංවිධාන කළ දානමය පිංකමක් සහ ජය පිරිත් දේශනාවක් අද දහවල් එම විහාරස්ථානයේදී පැවැත් විය.

පුණ්‍යෝත්සවයට සහභාගී වීමෙන් පසු පැමිණ සිටි ජනතාව සමඟද අග්‍රාමාත්‍යවරයා කතාබහක නිරත විය.

එමෙන්ම පොළොන්නරුව මැදිරිගිරිය බෞද්ධ මධ්‍යස්ථානාධිපති පොළොන්නරු දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මැදිරිගිරියේ අස්සජි හිමියන් බැහැදැකීමද අග්‍රාමාත්‍යවරයා අද පැමිණියේය.

මේ අතර විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැදුටුවාය.

මහනුවර නගරය ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත උමං මාර්ගය පිළිබඳව එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මහනාහිමිවරු දැනුවත් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More