දේශීය පුවත්

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාගේ අභාවය හේතුවෙන් අටවන පාර්ලිමෙන්තුවේ මන්ත්‍රීධූරයක පුරප්පාඩුවක් දෙසැම්බර් 04 වනදා සිට ඇතිවි තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දන්වා තිබේ.

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු පනතේ 64 (1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම්දීම සිදු කරන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා ඊයේ (5) මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තු පනතට අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් රත්නපුර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයාගෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මනාප ලැයිස්තුවේ මිළඟට සිටින අපේක්ෂකයා පිළිබඳ තොරතුරු ලබා ගනු ඇත. ඉන්පසුව එම නම ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරිමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරනු ඇත.

ලංකා ලිඩ් නිව්ස් අප මෙයට පෙර සදහන් කර පරදිම මනාප ලයිස්තුවේ 7 වන ස්ථානයට සිටින්නේ එජාපයේ නිවිතිගල ආසන සංවිධායක අරුණ ලියනගේය. එබැවින් ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වීමට ඇති ඉඩ කඩ බොහෝ වැඩිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More