දේශීය පුවත්

මින් ඉදිරියට තමා යටතේ පවතින අමාත්‍යාංශයේ හෝ ඒ යටතේ තියෙන ආයතනවල සැපයුම්වලදී හෝ ඉදිකිරීම්වලදී කිසිදු කොමිස් මුදලක් ලබා ගැනීමට ඉඩ නොතබන බවත්, සියළු කොමිස් මුදල් අඩුකර ඒ සැපයුම් හා ඉදිකිරීම් කටයුතු කළ යුතු බවත් මගී ප්‍රවාහන කළමණාකරණ හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේ අද (06) ලුනුගම්වෙහෙර ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.

මෙහිදී තවදුරටත් අදහස්දැක්වු අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

“ඔබ දන්නවා මේ අමාත්‍යාංශය දූෂණයෙන්, වංචාවෙන් හා කොමිස්වලින්පිරිච්ච අමාත්‍යාංශයක් බවට.

මේ අමාත්‍යාංශයෙන් තමයි බාල පෙට්ට්‍රල් ගෙන්නුවේ. කොමිස් මුදල් අරන් පෙට්ට්‍රල් ෂෙඩ් දුන්නේ.

මේ තත්ත්වය වෙනස් කරන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අවශ්‍ය වුණා.

වංචාවෙන්, දුෂණයෙන් තොරපුද්ගලයෙකුට මේ අමාත්‍යාංශය භාර දෙන්න.

ඒ නිසයි මේ අමාත්‍යාංශය මට භාර කළේ. ඒ ඒකොමිස් මුදල් අමාත්‍යවරයාටත් ගියා. නිළධාරීන්ටත් ගියා.

ඒ වගේම රැකියා දීලා තියෙන්නෙත් ලක්ෂ ගණන් මුදල් අරගෙන.

මින් ඉදිරියට ඒවා කරන්න මම ඉඩ තියන්නේ නැහැ.

කොමිස් මුදල් අඩු කරලා නියම මිල ගණන්වලට ඒ සැපයීම් හා ඉදිකිරීම් කටයුතු කළ යුතුයි.

ඒ වගේම මගේ අමාත්‍යාංශය යටතේ රැකියා දීමේදීත් සුදුසුකම් අනුව නියම ක්‍රමවේදයකට අනුවයි මම රැකියා දෙන්නේ.

ඛනිජතෙල් අමාත්‍යාංශයෙත් රැකියා ගන්න රැපියල් ලක්ෂ ගනන් දීපු අයත් ඉන්නවා. ඒ අයට අද සල්ලිත් නෑ. රැකියාත් නෑ.

ඒ නිසා මගේ අමාත්‍යාංශයේ රැකියා ලබාගන්න කිසිකෙනෙකුට සල්ලි දෙන්න එපා.

මොකද අපිට මේ ආදර්ශයලබාදීලා තියෙන්නේ අපේ නායකයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා.

එතුමා පොරොන්දු නොවිච්චදේවලුත් අද ඉටු කරල තියෙනවා. එතුමා කිව්වේ නැහැ පරිවාර වාහන අඩු කරනවා කියලා,කාර්යය මණ්ඩල අඩුකරනවා කියලා ඒත් එතුමා ඒ දේවල් අද කරලා තියෙනවා.

ඒ වගේම අද ජනතාවටආරක්ෂාව පිළිබඳවත් විශ්වාසයක් තියෙනවා. සහරාන්ලට, ප්‍රභාකරන්ලට බෝම්බ පත්තු කරන්නආයේ ඉඩක් නැහැ.

අද මිනිහෙක් පාරේ කුණු ටිකක් දාන්නේ නැහැ. ඒ වගේම පෝස්ටර්වලින් කැතකරපු තාප්ප තරුණ තරුණියන් ස්වේච්ඡාවෙන් එකතු වෙලා චිත්‍ර ඇඳලා ලස්සන කරනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්දය දීපු අය විතරක් නෙවෙයි ඡන්දය නොදීපු අයත්අද සතුටට පත්වෙලා ඉන්නේ.

ඒ එතුමා රටටම දුන්නු ආදර්ශය නිසයි. ඒ ආදර්ශය තුළින්ම මේරට ගොඩනඟන්න අපි එතුමාට පූර්ණ සහයෝගය ලබාදිය යුතුයි”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More