දේශීය පුවත්

ඉදිරි මහමැතිවරණයට පොලොන්නරුව දිස්ති‍්‍රක්කයෙන් තරග කරන ලෙස හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කර ඇතැයි තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා කොළඹදී අද (6) පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස ඔහු දේශපාලන දහරාවේ සිටිය යුතුම බව පක්ෂයේ ස්ථාවරය වී ඇති බවත් සුමතිපාල මහතා සඳහන් කළේය.

පුංචිබොරැල්ලේ පිහිටි තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපකෂ මහතා විශිෂ්ඨ ලෙස ජයගත් ආකාරයෙන්ම ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සන්ධානගතව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබන බවත් සුමතිපාල මහතා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More