විදේශ පුවත්

ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෙන් මහතාගේ ආන්ඩුව යෝජනා කර ඇති නව විශ්‍රාම වැටුප් ක්‍රමයට එරෙහිව එරට වෘත්තීය සමිති විසින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර ඇත. මේ හේතුවෙන් පැරිස් නුවර ඇතුලු ප්‍රංශයේ නගර රැසක එදිනෙදා කටයුතු අඩපණ වී ඇති බව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ අප වෙත වාර්තා කළහ.

මේ අතර විදෙස් ප්‍රවෘත්ති සේවා වාර්තා කර සිටියේ “කහ කබාකරුවෝ” සංවිධානය ප්‍රංශ රූපවාහිනී කන්ඩායමකට සහ ඔවුන්ගේ ආරක්ශක භටයන්ට දරුනු ලෙස ප්‍රහාර එල්ල කළ බවයි.
වියරු වැටුනු විරෝධතාකරුවෝ කඩසාප්පු වල වීදුරු ජනේල පොඩි පට්ටම් කරමින්, සීසීටීවී කැමරා විනාශ කරමින් සහ ජනාධිපති මැක්‍රේන්ගේ රුවට සමාන පඹයන්ට ගිනි තියමින් කළහකාරී ලෙස හැසිරුනු බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විරෝධතාවල නි‍යැලි පිරිස් පවසා සිටියේ මිලියන 1.5 ක පමණ විරෝධතාකරුවන් පිරිසක් මේ වනවිට මහාමාර්ග වලට පැමිණ විරෝධතා වල නි‍යැලෙන බවයි. ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු පිලිබඳ ඇමතිවරයා පවසා සිටියේ එම පිරිස් ලක්ෂ හතක් පමණ වියහැකි බවයි.

කෙසේ වෙතත් කහ කබාකරුවන්ගේ සෑම සති අන්තයකම පවත්නා විරෝධතා වත්මන් විරෝධතා සමඟ සසඳා බලනවිට ඉතාම සුළු ඒවා බවයි. ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුට මෙම විරෝධාතා හේතුවෙන් කිසිදු හානියක් මෙතෙක් වාර්තාවී නොමැති බවද එරට රැඳී සිටින අප හිතවතුන් පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More