දේශීය පුවත්

ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම් සම්බන්ධ කඩිනම් වාර්තාවක් ලබාදෙන්නැයි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන නිලධාරීන්ට නියෝග කර තිබේ.

ඉකුත් ඔක්තෝබර් මස 07 වැනි දින සිට නොවැම්බර් මස 26 වැනි දින දක්වා කාලය තුළ මැතිවරණ නීතිය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පාසල්වලට දරුවන් ඇතුළත් කර ඇති බවට තොරතුරු වාර්තා වන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් 1 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා නිකුත් කරන ලද ලිපි 427ක් සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

ඇතැම් ලිපිවල අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ව්‍යාජ අත්සන් යොදා ඇති බව ද මේ වන විට හෙළිවී ඇතැයි ද එහි සඳහන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More