ව්‍යාපාරික පුවත්

ලංකා විදුලි බල මණ්ඩලයේ 2019 වර්ෂයේ මේ වන විට පාඩුව රුපියල් කෝටි අටදහස් පන්සියයක් බව අනාවරණය වෙයි.

විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර, ලංකා විදුලිබල මණ්ඩලයේ සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ඉහළ නිලධාරීන් අතර ඊයේ (5 වැනිදා) අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණය වී තිබේ.

විදුලිබිල අඩු කිරීම සඳහා කෙලවරපිටිය එල්.එන්.ජී. බලාගාරය සහ විකල්ප බලශක්ති ප්‍රභවයන් කෙරෙහි අවධානය යොමුකරන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව පසුගිය රජයේ විෂය භාර ඇමැති රවී කරුණානායකගෙන් ඉල්ලා තිබේ. එහෙත් එම යෝජනා කෙරෙහි අවධානය යොමු නොකිරීම නිසා ඔක්තෝබර් මාසය වන විට පාඩුව රුපියල් කෝටි හත්දහස් පන්සියයක් වූ බව ලංකා විදුලි බල මණ්ඩල නිලධාරීන් මෙහිදී පෙන්වා දී ඇත. දෙසැම්බර් මාසය අවසන් වන විට එම පාඩුව රුපියල් කෝටි අටදහස් පන්සියයක් වන බව මෙම සාකච්ඡාවේදී හෙළි විය.

නව විදුලිබල අවශ්‍යතා සඳහා මෙගාවොට් 100ක විදුලිබලයක් 2019 අප්‍රේල් මාසය වන විට ගන්නා ලෙසට ලංකා විදුලිබල මණ්ඩලය කළ යෝජනාව ක්‍රියාත්මක නොකිරීම නිසා අප්‍රේල් මාසයේ විදුලිබල කප්පාදුවක් සිදුකිරීමට සිදුවූ බව මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.

විකල්ප බලශක්ති ප්‍රභවයන් ක්‍රියාත්මක නොකිරීම සහ කෙලවරපිටිය බලාගාරය ඉදිනොකිරීම නිසා ලබන වසරේ අප්‍රේල් මාසයේදී විදුලිබල කප්පාදුවක් සිදුකිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල නිලධාරීන් මෙහිදී අනතුරු ඇඟවීය. විකල්ප බලශක්ති ක්‍රමයන් මගින් විදුලිය ලබාගැනීමේදී විදුලිබල පනතේ ඇතැම් වගන්ති හේතුවෙන් ගැටලු මතුවන බව ලංකා විදුලිබල මණ්ඩල නිලධාරීන් ඇමැති මහින්ද අමරවීරට පෙන්වා දෙන ලදී. පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍යංශ ලේකම් වසන්තා පෙරේරාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත්කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More