රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ බිගේඩියර් සුරේෂ් සලේ මහතා පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ.
රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් මූලස්ථානයට අනුයුක්ත කර තිබේ.
අප්‍රේල් 21 වැනිදා එල්ල වූ පාස්කු ප්‍රහාරය පිළිබඳව අදාළ බුද්ධි තොරතුරු කල් ඇතිව ලබාදී තිබුණේද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා විසිනි.
රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂවරයා ලෙස පත්වීමට නියමිත බිගේඩියර් සුරේෂ් සලේ මහතා යුද්ධය පැවැති සමයේ ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.
බුද්ධි මෙහෙයුම් රැසක් මෙහෙයවන ලද බුද්ධි නිලධාරියෙකු ලෙස ඔහු ප්‍රකට වී ඇත.
ඒ අනුව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරය සඳහා යුද හමුදා නිලධාරියෙකු පත්වන්නේ පළමු වරට වීම විශේෂත්වයකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...