දේශීය පුවත්

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වවුනියා දිස්ත‍්‍රික් විමර්ශන නිලධාරි රෝහිත ප‍්‍රියදර්ශන මහතාට මරණීය තර්ජන සහිතව ලිපියක් ලැබී ඇති බවට ඒ මහතා ඊයේ (5 දා) වවුනියාව පොලිසියට පැමිණිලි කොට තිබේ.

තැපැල් මගින් එවා ඇති එම ලිපියේ සඳහන් කොට ඇත්තේ මුලතිව් ගුරුකන්ද නීරාවි අඩි පිල්ලයාර් කෝවිලේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් විශාල පිරිසක් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ අවස්ථාවේදී ඒ වෙනුවෙන් රෝහිත ප‍්‍රියදර්ශන මහතා කිසිවක් නොකළ බවයි.

පිල්ලයාර් කෝවිලේ අයිතිය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරන ලෙස මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමෙන් පසුව ඒ ගැන සොයා නොබලා ගුරුකන්ද විහාරයේ භික්‍ෂූන් වහන්සේට එහි වැඩ සිටීමට ඉඩ ලබා දුන් බවත් ඒ නිසා ප‍්‍රශ්න රාශියක් සිදුවූ බවත් ලිපිය මගින් දැනුම් දී ඇති අතර එහිදී සාධාරණය ඉටුනොකිරීම නිසා පරෙස්සම් වන ලෙසට රෝහිත පි‍්‍රයදර්ශන මහතාට තර්ජනය කොට ඇත.

රෝහිත පි‍්‍රයදර්ශන මහතා පොලිසියට පවසා ඇත්තේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා වාර්තාවන් අදාළ බලධාරීන් වෙත යොමුකොට ඇති බවයි.

පුරාවිiා දෙපාර්තමේන්තුවට අයත් දේපළ ඉඩම් පැමිණිල්ලක් කිරීම මත අදාළ පාර්ශ්වයකට පවරා දීමට හැකියාවක් මානව හිමිකම් කොමිසමට නොමැති බවද ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කොට තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More