මුහුණු පොතෙන්

“හදවත බ්ලේඩ් එකකින් කපනවා වගේ වේදනාවක් මට තියෙන්නෙ.
මේ නට් එකක් ගානේ මගෙ බලාපොරොත්තුවක් තිබ්බා මේ රටට දෙයක් දෙන්න
මට සල්ලි නෑ ඒත් මට කාගේන් වත් සල්ලි එපා.
මම ඔබෙන් සල්ලි අරගෙන මේ නිර්මාන කරලා ඔබතුමාලට ප්‍රයෝජනයක් දෙන්න බලධාරීන් ඉඩ නොදුන්නොත් ඔබ මහන්සියෙන් ඉපයූ මුදල් අපතේ යනව.
ඉතින් බොහොම ස්තූතී ම්ට ඔබේ මුදල් එපා.
මට අවස්ථාවක් අරන් දෙන්න. ඕන්නම් කාලයක් නියම කරන්න . එ කාලෙ ඇතුලත මට මේක නිර්මානය කරන්න බැරිඋනොත් ඕනෙ දඩුවමක් මට දෙන්න.
මට ඕනෙ අවස්තාවක් විතරයි”.

ඉතින් ඒ ඔහුගේම වචන වලින් ඔහු බලාපොරොත්තු වෙන දේ.
ඉතින් ඔහු කවුද?
ඔහු නමින් විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න. ඉන්නේ ගම්පොල.
මේ වෙනකොට පේටන්ට් බලපත්‍ර 6ක් ඔහු සතුයි.
නොරොච්චෝලේ විදුලිබලාගාරයෙන් පරිසර හානිය සමග පාඩුපිට නිපදවන විදුලි ඒකක වෙනුවට
ඔහු ඉදිරිපත්කරනවා නිර්මානයක්.

?අඩි දහස් ගනනක් තැම්පත් කල ජල බලයෙන් කරකවන අති විශාල ටර්බයිනයම රසදිය තාක්ශනයෙන් කරකවන්න.
මේ සඳහා අවශ්‍ය වන්නේ මිනිසුන් දෙදෙනෙක් පමනයි.
ඉතින් කෙතරම් මුදලක් රටට ඉතිරිවේයිද
?වැස්ස සුලඟ අවශ්‍යම නෑ.
?විදුලිය සීමා සහිතයි කියන්න එතකොට කාටවත් බෑ
?මිනිසුන්ට විදුලිය වෙනුවෙන් මෙච්චර මුදල් ගෙවන්න වෙන්නෙ නෑ
?රටේ ලස්සන දිය ඇලි ගංගා හරස් කරලා විදුලි බලාගාර ඉදිකරන්න අවශ්‍ය නෑ.
?ලබන වසරේ මාර්තු වලදී නැවත විදුලි හිඟයක් එනවා කියලා තියෙනවා
ඉතින් මොහු
විද්‍යා හා තාක්ශන අමාත්‍යාංශයට ව්‍යාපෘතිවාර්තාවක් දීලා තියෙනවා. (පසුගිය රජයේ ) එයට කිසිම ප්‍රතිචාරයක් නෑ තාම
එය එච්චරම තමා.
ඉතින්
ඔබට මට කල හැකි දෙයක් තියෙනවා.
මෙය අදාල බලධාරීන් දැනුවත් කිරීම සහ රටේ ජනතාව වන අපි මේ පිලිබඳව දක්වන උනන්දුව පෙන්වීමට.
ඉතින් හැකි තාක් මෙය share කරන්න. මෙය විකුම්සම්පත් වෙනුවෙන් නොව අපි වෙනුවෙන් බව ඔබතුමාලට තේරුම් යනවානම්.❤

මෙය විතරක් නෙවේ.

?කුනු ටොන් 45 ක් යමින් ගමන් කොටස් 4ට පැය 3න් ප්‍රතිචක්‍රීය කල හැකි යන්ත්‍රයක් නිර්මානය කර තිබෙනවා. මීට වතාවල් 3 කදී නිර්මානය කල එම යන්ත්‍ර 3ක් යකඩවලට විකුනන්න වුනේ පසුගිය රජයෙන් දැක්වූ උනන්දුවේ තරම නිසාමයි.
මහනුවර නගරයේ දිනකට එක්වන කුනු ප්‍රමානය කුනු ටොන් 150. එම කුනු ප්‍රතිචක්‍රීය කරානම් රජයට ලැබෙන ආදායම සුලුපටු නොවේ.

?පොලීසියට සහ වනජීවි එකට නිර්මානය කල 4 දෙනෙක්ට යා හැකි හෙලිකොප්ටර් එක දැන් අවුරුදු 3ක් තිස්සේ කුඹුරේ දිරනව.එය රු ලක්ශ 10න් නිර්මානය කරන්න පුලුවන්

?රම්බන්ඩා සෙනෙවිරත්න මහතා ගෙ පොතක් කියවූ ඔහුට දැනගන්න ලැබුනා පයිසන් ගස රටට ලොකු හානියක් කරනවා කියලා. ඉතින් ඔහුකරේ එම ගසෙන් ඉන්ධන ලබාගන්න ක්‍රමයක් නිර්මානය කරා. අවසානයේ ත්‍රීවීලර් වලට රු 60 ගානෙ ඉන්ධන සපයන්නත් ඔහුට පුලුවන් උනා.
ඔබ සිතන්නේ පෙට්‍රල් වලට දහස් ගනන් වියදම් කරන තෙල් වෙලඳපොලේ තෙල් බැරලය දිහා බලාගෙන ඉන්න අපි වගේ රටක ආන්ඩුව එම යන්ත්‍රය හදන්න අතහිත දී රටේ ජනතාවට අඩු මිලට පෙට්‍රල් දෙන්න සැලසුම් කරා කියලාද
ඒ වෙනුවට වුනේ ඔහුට නඩුදාන්න සූදානම් වුන එක. රු ලක්ශ 7 පමන වියදම් කර නිර්මානය කල එම ඉන්ධන නිශ්පාදනය කරන මෙශින් එකද කඩා යකඩවලට වික්කා

?දැනට අවුරුදු 300 ට වඩා පැරනි තාක්ශනයක් උපයෝගී කරගන්න තේ කර්මාන්තශාලාවලට යොදාගන්න තාක්ශනය වෙනුවට ඔහු අලුත් මෙශින් එකක් සැලසුම් කර තිබෙනවා.
දැනට තියෙන කර්මාන්තශාලාවලට එය තට්ටු 6ක් විතර විශාල ගොඩනැගිල්ලක ඇති තාක්ශනයක්. ඒත් ඔහු එය පර් 40 ඉඩකඩක නිර්මානය කල හැකි යන්ත්‍රයක් බවට පරිවර්තනය කර තිබෙනවා.

?රසදිය ඉන්ධන ලෙස යොදාගන්නා එන්ජිමක් හදලා තියෙනවා.එය ලබන වසරේ නොබෙල් සාමත්‍යාගය සඳහා ඔහු ඉදිරිපත් කරන්න ඉන්නවා.එක්වරක් ඉන්ධන යෙදවූ පසු ආයේ අවුරුදු 100 ගියත් ඉන්ධන අවශ්‍ය වන්නේ නෑ

ඔහු ගේ අනික් නිර්මාන කිහිපයක් ගැන අපි පලකල
දැනට 10000 අධිකව share වුනවීඩියෝවෙ Link එක.?
https://www.facebook.com/watch/?v=717817935390624

මොහු ගැන මුලින්ම Youtube හි වැඩසටහනක් කල කළුසුදු අතර Channel එකේ ජගත් අයියාට බොහෝමත් ස්තූතී ❤
.මෙවන් අය හඳුන්වාදෙනවාට. ඉතින් ඔහුට කෙරෙන ගෞරවයක් ලෙස එම වැඩසටහනද පහලින් ඇතුලත් කරන්නම් ?

ඉතින් මොහුගේ ලිපිනය සහ දුරකථන අංකය පහතින් එක්කරන්නම්
0772693439./ 0769970709 විකුම්
විකුම් සම්පත් දිබුල්ගස්තැන්න
“සම්පත”
අබකුබුර
දොලුව
ගම්පොළ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More