දේශීය පුවත්

නව පරිසර ඇමැතිවරයා ධුරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටින බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ පැවසූහ.

වත්මන් පරිසර ඇමැති පිළිබඳව ඉතිහාසයේ සිටම ඇත්තේ කලකිරුණු ප්‍රතිරූපයක් බැවින් පරිසර විෂය කෙරෙහි ඇල්මක් ඇති, එය විනාශ නොකරන පුද්ගලයකුට පරිසර ඇමැති ධුරය ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ පැවසූහ. උන්වහන්සේ මේ පිළිබඳව පවසා සිටියේ රාජගිරිය ජයශේඛරාරාම විහාරස්ථානයේ ඊයේ (5 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය.

‘‘අපිම තමයි ගෝඨ‍ාභය රාජපක්ෂ වටා ජන බලවේගයක් ගොඩනගලා මේ රටට අලුත් නායකයෙක් අවශ්‍යයි කියලා ඔහුව ගෙනාවේ. ඔහු ජනාධිපති වුණාට පස්සේ අපිට බණක් භාවනාවක් කරගෙන පාඩුවේ පන්සකට වෙලා ඉන්න පුළුවන් වෙයි කියලයි අපි හිතුවේ. ජනාධිපතිතුමා පත්වෙලා සතියයි. නිසසලව රට තිබුණේ. හොරු පත් කළා ඇමැති මණ්ඩලයට. කැබිනට් පත්‍රිකාවක් දැම්මා වැලි ප්‍රවාහනය කරන්න බලපත්‍ර අවශ්‍ය නෑ කියලා. මේ රටේ පරිසරය දවසෙන් දවස විනාශ වෙලා යනවා. රටේ ඉන්න ඇමැතිලාට ඕන විදියට තමයි හැමදේම තීරණය වෙන්නේ.

ගිය වසර පහ සියයට අසූ දෙකක් ගල්-වැලි ප්‍රවාහනයේදී පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. දැන් රජයෙන් කරලා තියෙන්නේ නීත්‍යනුකූල නොවන වැඩකට නීත්‍යනුකූල තත්ත්වයක් දීලා රාජ්‍ය මට්ටමින්ම වැලි ප්‍රවාහනය කරන්න අනුමැතිය ලබා දීපු එක. පැහැදිලිව හොර ජාවාරම්කාරයන්ගේ මනදොළ පිනවන්න තමයි මේ ක්‍රියාමාර්ගය ගත්තේ කියලා අපි හොඳාකාරවම දන්නවා.

වලපනේදී සිදුවුණු සිද්ධිය ගැන කතා කරනවා. ඒ නාය යාමෙන් මියගියේ අහිංසක පුද්ගලයන්. මම කියන්නේ නම් මියගියා කියලා නෙමෙයි මැරුවා කියලා. බලධාරීනුයි ඒ අහිංසකයෝ මරණයට පත්කෙරුවේ. මියගිය අයගේ නිවස ළඟම තියෙනවා මීටර් 100 ක් විතර එහාට වෙන්න ගල් වළක්. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ඇවිල්ලා ඒ මිනිස්සුන්ගේ ගෙවල්වලට කියනවා අයින් වෙන්න, මේ ස්ථාන අනතුරුදායකයි කියලා. නමුත් ගල් කඩන්න අවසර දීලා තියෙනවා.

ලංකාවේ තියෙන ගල් වළවල් නිසා තමයි උග්‍ර ජල හිඟයක් මේ වෙනකොට​ ලංකාවේ ඇතිවෙලා තියෙන්නේ. මන්ත්‍රීවරුන්ට, ඇමැතිවරුන්ට අයිති ගල් වළවල් තමයි රට වටේම තියෙන්නේ. පරිසරයට හානියක් වෙන එක හෝ මිනිස්සුන්ගේ ජීවිත විනාශ වෙන එක ඔවුන්ට අදාළ නෑ. ඒ නිසා ඔවුන්ට අදාළ තමන්ගේ මඩිය තරකර ගන්න එක විතරයි. පැහැදිලිවම එදා සිදුවුණු මරණවලට වගකියන්න ඕනේ ඒ බලධාරියෝ සහ මේ රටේ පාලකයෝ.

පරිසරය ගැන, රට ගැන ඒ කාලේ කතා කරපු උදය ගම්මන්පිලලා දැන් පේන්නවත් නෑ. මම අභියෝගයක් කරනවා පුළුවන් නම් කොන්ද කෙළින් තියන් මාධ්‍යයට ඇවිත් කතා කරන්න මේ සිදුවන විනාශය පිළිබඳව. ඔවුන්ට ඇත්තටම කතා කරන්න බෑ. මිනිස්සුන්ට ලොකු බලාපොරොත්තු මේ ආණ්ඩුව පිළිබඳව දීලා දැන් ඔහු හැංගිලා ඉන්නවා.

වහාම මේ රට විනාශ කරන මේ කැබිනට් පත්‍රිකාව ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් ඉවත් කරගන්න. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සතිය ඇතුළත මේ විනාශකාරී කැබිනට් පත්‍රිකාව ඉවත් කරගනී කියලා. කරුණාකරලා අපිට නීතිය ඉස්සරහට යන්න, පාරේ උද්ඝෝෂණ කරන්න, සත්‍යග්‍රහ කරන තැනට අපිව පත් කරන්න එපා. රට ගැන හිතලා මේ පත්‍රිකාව අහෝසි කරන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ.’’



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More